ක්‍රිකට් තහනම අවසන් . . .

අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවමින් පනවා ඇති තහනම ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර ඉවත්කරනු ඇතැයි විශ්වාස කරන බව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (11) පස්වරුවේ පැවසීය.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිතරව සිටින අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් සමඟ පැවැති සාකච්ඡාවේදී ඔහු එවැනි ඉඟියක් කළ බවත් අයි.සී.සී. මීළඟ විධායක කමිටු රැස්වීමක් පැවැත්වීමට ඇත්තේ ලබන මාර්තු මස බැවින් ‘සූම්’ හරහා විශේෂ විධායක සභාවක් පවත්වා ශ්‍රී ලංකාවේ තහනම ඉවත්කිරීමට කටයුතු කරන බව ඔහු පැවසූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පෙබරවාරි මස 15 වැනිදාට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති තහනම ඉවත් නොකළ හොත් ලබන ජූනි මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සමුළුව ද ශ්‍රී ලංකාවට අහිමි වන බවත් එසේ වුවහොත් එය මෙරට විශාල පාඩුවක් බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩි දුරටත් සඳහන් කළේය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්ධන මිල පස්ගු ණයකින් ඉහළට . . .

Thu Jan 11 , 2024
දරුණු ආර්ථික අර්බුදයකට සහ මුදල් හිඟයකට මුහුණ පා සිටින කියුබාව මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ලබන මාසයේ සිට ඉන්ධන මිල පස්ගුණයකින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව මෙතෙක් එරට පේසොස් මුදල් ඒකකයෙන් 25ක්ව තිබූ පෙට්‍රල් ලීටරයක මිල පෙබරවාරි 1 වැනිදා සිට පේසොස් 132 දක්වා ඉහළ දැමීමට පියවර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x