ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල් වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන  ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මනුෂ්‍ය ශරීරයකටවත් ළං කිරීමට සුදුසු තත්වයේ නොමැති බව  අනාවරණය වී තිබෙනවා. […]

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්ව සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළාය. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වන ආකාරයේ රෝගී තත්ත්ව ඇතිවීම සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පවත්වන්නැයි […]

කෙහෙලිය රඹුක්වැල්ල පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. රඹුක්වැල්ල  ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යවා ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල් වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ […]

හිටපු  සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත, වෛද්‍ය සපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඇතුළු 5⁣ දෙනා ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද අධිකරණය අද (17) නියෝග කළේය. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ […]

දිවයින පුරා රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය. පැය 24ක් පුරා ක්‍රියාත්මක මෙම සංකේත වැඩ වර්ජනය හෙටින් ආරම්භ කරන බව එම සංගමය […]

රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක් මතුව තිබෙනවා. ඒ, ඉන්සියුලින් සැපයීමට ටෙන්ඩරය ලබාදුන් සැපයුම්කරු නියමිත ප්‍රමාණයෙන් ඉන්සියුලින් ලබා නොදීම හේතුවෙන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක  කියා සිටියේ. කෙසේ වෙතත් මෙම හිඟය මග හැරවීම සඳහා ඉන්සියුලින් අඩංගු ඇසුරුම් 50,000 ක් වෙනත් සැපයුම්කරුවන් දෙදෙනෙකු මාර්ගයෙන් හදිසි මිලදී ගැනීමක් ලෙස ආනයනයට පියවර […]

රජයේ රෝහල්වල භාවිතය සඳහා මිල දී ගෙන ඇති මෙරට සමාගමක නිපදවන ලද ඇස්පිරින් පෙති තොගයක එහි ප්‍රධානතම සංඝටකය වන ඇසිටයිල් සැලිසිලික් අම්ලය (ඇස්පිරින්) නොමැති බව තහවුරු වීම නිසා භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායකගේ අස්සනින් යුතුව චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ‘ඇස්පිරින්’ අඩංගු නොවන මෙම ඇස්පිරින් […]

රජයේ රෝහල්වල සිටි 2,000ක් පමණ වන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මේ වසර අවසානය වන විට ඉතිරි වන්නේ 1,700කට ආසන්න පිරිසක් පමණකැයි සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වාර්ෂික ස්ථාන මාරු සඳහා 2022 ජූනි 6 වන දා ඉන්ටර්නෙට් වෙත මුදාහරින ලද සංඛ්‍යා ලේඛන අනුව රජයේ සේවයේ විශේෂඥ වෛද්‍යවරුන් 2250ක් සිටි […]

රජයේ රෝහල්වල බාහිර රෝගී අංශ වලින් සිදුකරන ප්‍රතිකාර සඳහා මුදල් අය කිරීම සහ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් මුදල් අය කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට නිර්දේශ කර තිබෙනවා. නමුත් රජය විසින් එම යෝජනා දෙකම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ දැනට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.