නුවර සිට ඇල්ලට විශේෂ සංචාරක දුම්රියක්

සංචාරක දුම්රිය ගමනේ සියලු විස්තර මෙතනින්

මහනුවර සිට ඇල්ල දක්වා අද(05) සිට විශේෂ සංචාරක දුම්රියක් ධාවනය කිරීමට පියවර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පෙරවරු 7.00ට මහනුවරින් ගමන් ආරම්භ වන මෙම දුම්රිය පස්වරු 2.20ට දෙමෝදර දුම්රිය ස්ථානයට පැමිණීමට නියමිතයි.

දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පස්වරු 3.40 ට ගමන් අරඹන දුම්රිය රාත්‍රී 9.35 ට මහනුවරට නැවත පැමිණීමට නියමිතව ඇත.

දේශීය හා විදේශීය සංචාරක අරමුණු කර ගනිමින් මෙම දුම්රිය ධාවය සමඟ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මෙම දුම්රිය නවත්වනු ලබන සංචාරක ස්ථාන

*හොස්ටේල් දියඇල්ල
*ශ්‍රී පාද කන්ද
*ශාන්ත ක්ලෙයාර් දියඇල්ල
*එල්ජින් දියඇල්ල
*සමිත් ලෙවල්
*අංක 18 බිංගෙය
*සුළං කපොල්ල (ඉදල්ගස්හින්න – හපුතලේ)
*කිතල් ඇල්ල දියඇල්ල
*ආරුක්කු 9 පාලම

ස්ථානයන් වල දුම්රිය විනාඩි 02 – 15 අතර කාලයක් නවත්වනු ලැබේ.

මෙම දුම්රියේ සියලු ආසන කලින් වෙන්කරවා ගතයුතු අතර දුම්රියට අදාළ ආසන වෙන්කිරීමේ ගාස්තු පහත දැක්වේ.

පළමු පන්තිය
මහනුවර – ඇල්ල අතර

*මහනුවර/නානුඔය – රු. 2000/=
*මහනුවර/දෙමෝදර/ඇල්ල – රු. 5000/=
*නානුඔය/දෙමෝදර/ඇල්ල – රු. 4000/=
*ඇල්ල – මහනුවර අතර
*ඇල්ල/නානුඔය – රු. 2000/=
*ඇල්ල/මහනුවර – රු. 3000/=
*නානුඔය/මහනුවර – රු. 1000/=

දෙවන පන්තිය
මහනුවර – ඇල්ල අතර

*මහනුවර/නානුඔය – රු. 1500/=
*මහනුවර/දෙමෝදර/ඇල්ල – රු. 4000/=
*නානුඔය/දෙමෝදර/ඇල්ල – රු. 3000/=
*ඇල්ල – මහනුවර අතර
*ඇල්ල/නානුඔය – රු. 1000/=
*ඇල්ල/මහනුවර – රු. 2000/=
*නානුඔය/මහනුවර – රු. 1000/=

 

The post නුවර සිට ඇල්ලට විශේෂ සංචාරක දුම්රියක් appeared first on Aruna.

Next Post

අද විදුලි කප්පාදුව සිදු නොවන ලකුණු

Sat Mar 5 , 2022
විදුලි කැපීමේ තීරණය හිටිහැටියේ වෙනස් වෙයි නිසි පරිදි ඉන්ධන තොග ලබා ගන්නේ නම් අද (05) සිට විදුලිය වැඩි කිරීමට ඉඩ ඇති බව මහජන උපයෝගිතා නිළධාරීන්. මීට දින කිහිපයකට පෙර රජය විදුලිය නිකුත් කිරීමට නියමිතව තිබූ අතර ඒ අනුව දැනට පවතින ඉන්ධන තොග මිලට ගැනීමට සැලසුම් කළ විදුලි මහජනතාවට හෝ එහි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.