ආණ්ඩුවේ තිබෙන වැරදි හදාගන්න සැරසෙයි

පළමු ඉනිමේ පිතිකරණය දුර්වලයි

ආණ්ඩුවේ තිබෙන වැරදි හදාගෙන ඉදිරියට යන හැකියාව පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, 77 සහ 2015 සිදුවීම් පිළිබඳ මතකයේ තබාගෙන තීරණය කළ යුතු බවයි.

මේ අතර තමා මුල සිටම IMF ආයතනයට ද වරදක් නොමැති බව සඳහන් කළ මන්ත්‍රීවරයා, පමා වී හෝ ආණ්ඩුවට ඉදිරිපත් කර ඇත.

දැනටමත් අදහස් දැක්වූ ඩිලාන් පෙරේරා මහතා,

“දැන් ඩොලර් ප්‍රශ්නය පාවෙන්න ඉඩ නොදි මහ බැංකුව මැදිහත් වෙලා යම් ස්ථාවර ස්ථාවරයක් තියා ගන්න ගියාම විරුද්ධ පක්ෂය නිතරම කිව්වා රුපියල පාස් කරන්න කියලා. දැන් ඔන්න පාවෙන්න ඇරියා. දැන් කියනවා ඇයි පාවෙන්න ඇරියේ බඩු මිල ගණන් යනවා නේ කියලා. ආණ්ඩුවක් කියලා ටෙස්ට් මැච් එකක්. 20යි 20 මැච් එකක්වත් 50 මැච් එකක්වත් නෙවෙයි. පළමු ඉනිමේ අපිට පිතිකරණය දුර්වලයි. ඒ පිතිකරණය දුර්වල වුණ තැන් හදාගෙන දෙවැනි ඉනිම හොඳට සෙල්ලම් කළොත් ඒ කරපු වැරදිත් හදාගෙන ජාම බේරගන්න පුළුවන්.”

The post ආණ්ඩුවේ තිබෙන වැරදි හදාගන්න සැරසෙයි appeared first on Aruna.

Next Post

සෝනියා-රාහුල්-ප්‍රියංකාගේ ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප වෙයි

Mon Mar 14 , 2022
ප්‍රාන්ත මැතිවරණ පරාජයෙන් පසු කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි, පුතු රාහුල් ගාන්ධි සහ දියණිය ප්‍රියංකා ගාන්ධි වද්‍රා පක්ෂයේ ඔවුන්ට හිමි තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ නමුත්, පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලට ඊට ඒකමතිකව විරෝධය පළ කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.