රටට එපාම කළ මිනිසෙකු බවට තමා පත් කළේ සමාජ මාධ්‍යයි . . .

තමා ජනපති ධූරයට පත් කළා සේම ධූර කාලය අවසන් වීමට තිබියදී තම ප්‍රතිරූපය නැත්තටම නැති කර දැමීමට තරම් සමාජ මාධ්‍ය ප්‍රබල වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.  ආණ්ඩු සෑදීමට මෙන් ම, ආණ්ඩු පෙරළා දැමීමටද සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි හේතු වන බවද හෙතෙම කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (10 දා) වේබ් අඩවියක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් හිටපු ජනපති මේ බව සඳහන් කළේ ය. පසුගිය මැයි 9 දායින් ආරම්භ වූ අරගලය පවා කිසිදු නායකයෙකු නොමැතිව එතරම් ශක්තිමත්ව නැගී සිටියේ සමාජ මාධ්‍ය නිසාය. මේ රටේ දහස් ගණනක් වූ තරුණයන්ගේ අත තිබූ ජංගම දුරකතනවල බලය හේතුවෙන් මේ රටේ පාලකයාට පවා රටින් පිටවී යාමට සිදුවූ බව හිටපු ජනපතිවරයා අවධාරණය කළේ ය. අතේ කිසිදු මුදලක් නොමැතිව එදා රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්ව පොදු අපේක්ෂකයා බවට පත්වූ දා පටන්ම විවිධ පාර්ශ්ව සමග ගිවිසුම්වලට එළැඹුණද බලවේගයක් බවට පත්ව රාජ්‍ය නායකත්වයට පත්වීමට ඉවහල් වූයේ සමාජ මාධ්‍ය යැයි ඔහු පැවසීය.

පාස්කු ප්‍රහාරයෙන් පසුව බින්දුවටම ඇද වට්ටවා රටට එපාම කළ මිනිසෙකු බවට තමා පත් කළේද එදා බලයට පත්වීමට හේතුවූ සමාජ මාධ්‍ය විසින්  බව  හෙතෙම කීය. තම ආණ්ඩු සමයේ පැවති ජනාධිපති මාධ්‍ය අංශයේ බොහෝ නිලධාරීන් හොඳින් කටයුතු කළද දුර්වලතා රාශියක් පැවති බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. යහපාලන සමයේ කිසිදු මාධ්‍යවේදියෙකුට තර්ජනය කර නැතැයිද ඔහු කීය. 2015 වසරට පෙර මෙරට පැවති ආණ්ඩු හා සැසඳීමේදී එම කාල වකවානුවේදී කෙතරම් මාධ්‍යවේදීන් රට හැර ගියා , මිය ගියා  යන්න සහ අතපය කඩා ගෙන තුවාල ලැබුවාද යන්න සිතා බැලිය යුතු බව ත් හෙතෙම පැවසීය. තම ආණ්ඩු සමයේ කිසිවෙකුටත් තුවක්කුවක උණ්ඩයක් එල්ල නොකළ බවද ඔහු අවධාරණය කළේ ය.
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රටට ඩොලර් එකතු කරන්න රවි හෙලිකොප්ටරයෙන් යයි . . .

Thu Aug 11 , 2022
තමන් හෙළිකොප්ටරයකින් මන්නාරමට ගියේ ආයෝජකයන් සමග ගොස් රටට ඩොලර් එකතු කරන්න බව හිටපු අමාත්‍ය රවී කරුණානායක සඳහන් කරයි. එවන් කටයුතු දිහා ඇතැමුන් කුහකකමින් බලන බවද පැවසූ ඔහු තමන්ට රජයේ තනතුරක් නැති බවත් තමන්ට හෙලිකොප්ටර් වලින් ගමන් යා හැකි බවත් ඔහු පැවසීය. 2015 දී ද බාරගන්නට සිදුවූයේ මේ ආකාරයෙන්ම ආර්ථික ප්‍රපාතයකට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x