හෙට (31) පැය 13ක් රටම අඳුරේ

හෙට (31) විදුලිය කැපෙන්නේ මෙහෙමයි

හෙට (31) දින පැය 13 ක කාලයක් විදුලිය ඉදිරිපත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිසමට අවසර ලබා දී ඇත.

ඒ අනුව හෙට අළුයම 3 සිට මධ්‍යම රාත්‍රිය 12 දක්වා කාලය තුළ පැය 4 සිට උපරිම පැය 6 දක්වා කාලසීමාවකට යටත්ව අවස්ථා කිහිපයකදී දිවයින පුරා මෙම විදුලිය සිදුකෙරෙනු ඇත.

ඒ අනුව ABCDEF කලාප සඳහා අළුයම 3 සිට අලුයම 6 දක්වා කාලය තුළදී පැය තුනක විදුලියක්, මධ්‍යහන 12 සිට පස්වරු 4 දක්වා පැය 4ක විදුලියක් පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 6ක විදුලියක් සිදුවනු ඇත.

GHIJKL කලාප සඳහා මධ්‍යම රාත්‍රී 12 සිට අළුයම 3 දක්වා පැය 3 ක්, සාමාන්‍යයෙන් 8සිට මධ්‍යහන 12 දක්වා පැය 4, පස්වරු 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6 දක්වා විදුලිය ඇත.

මේ අතර PQRS කලාප සඳහා අලුයම 3 සිට අලුයම 6 දක්වා කාලය තුළදී පැය 3ක විදුලියක්, මධ්‍යහන 12 සිට පස්වරු 4 දක්වා පැය 4ක විදුලියක් පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 6ක විදුලියක් පවතිනු ඇත.

එසේම TUVW කලාප සඳහා මධ්‍යම රාත්‍රී 12 සිට අළුයම 3 දක්වා පැය 3 ක්, එනම් 8සිට මධ්‍යහන 12 දක්වා පැය 4ක්, පස්වරු 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6 දක්වා විදුලිය පවතිනු ඇත.

MNOXYZ යන කලාප සඳහා අළුයම 5.30 සිට 9 දක්වා කාලය තුළ පැය 3යි මිනිත්තු 30 ක කාලයක් සහ පස්වරු 4 සිට 6 දක්වා කාලය තුළදී පැය 2ක කාලයක් විදුලිය විසන්ධි වනු ඇත.

The post හෙට (31) පැය 13 රටම අඳුරේ appeared first on Aruna.

Next Post

රාජිතගේ නඩුව මැයි 11 කැඳවයි

Wed Mar 30 , 2022
මෝදර ධීවර වරාය අඩු මුදලකට බදු දීමෙන් රජයට පාඩු කළ බවට හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතා ඇතුලු විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුව ලබන මැයි 11 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද නියම කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.