අලුත් අවුරුද්දට සතොසෙන් සහන මල්ලක්

අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය 5ක් ඇතුළත් කර ඇත

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වෙළඳපොලෙහි පවතින ඉහළ මිලට වඩා අඩුවෙන් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය 5ක් සහන මල්ලක්, ලංකා සතොස අලෙවිසැල් ජාලය හරහා පාරිභෝගිකයින්ට ලබා දීමට අලෙවි අමාත්‍යාංශය විසින් කටයුතු සලසා ඇත.

සහල්, කිරිපිටි, සීනි, තේකොළ ඇතුළත් වන මෙම ලංකා ස.තො.ස සහන මල්ල රුපියල් 1950ක මිලට අලෙවි කිරීමට නියමිත බව වාර්තා වේ.

සාමාන්‍ය වෙළඳපොලේ පවතින මිලගණන් සහ ගබඩා කිරීමේ දී මෙම භාණ්ඩ වර්ග 05 මිලට ගැනීම සඳහා වැය කළ යුතු මුදලට වඩා රුපියල් 700ක් හෝ ඊට වැඩි වාසියක් මෙම අවුරුදු සහන මල්ල මිල දී ගැනීම තුළින් පාරිභෝගිකයාට හිමි වනු ඇත.

මෙම අවුරුදු සහන මල්ල මෙම මස 09 වැනි දින සිට ලංකා සතොස අලෙවි ශාඛාවලින් බෙදා හරින බව වාර්තා වේ.

එම සහන මල්ල මෙතැනින්

නාඩු සහල් කිලෝ 05යි
සම්බා සහල් කිලෝ 05යි
හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 යි
සීනි කිලෝ 01යි
තේ කොළ ග්‍රෑම් 100යි

The post අලුත් අවුරුද්දට සතොසෙන් සහන මල්ලක් appeared first on Aruna.

Next Post

තිස්ස සහ චමින්ද පාර්ලිමේන්තුවෙන් දොට්ට

Fri Apr 8 , 2022
පොලිස් ආරක්ෂාව ගැන කතාබහ දුරදිග යයි පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණු චමින්ද විජේසිරි සහ තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන් සභාගර්භයෙන් ඉවත් කරන ලෙස කථානායකවරයා විසින් වේත්‍රධාරීවරයාට උපදෙස් ලබා දී ඇත. තම නිවසට ලබා දුන් පොලිස් ආරක්ෂාව සම්බන්දයෙන් දෙදෙනා අතර ඇති වූ කතා බහක් දුර දිග යාම නිසා මෙම ආරවුල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.