ලංකාව ආර්ථික අර්බුදයෙන් බේරාගන්න යොහානි කරන්න යන දේ

“අඳුරට ශාප නොකර පහනක් දල්වන්න”

රට තුළ පවතින ආර්ථික අර්බුදය සඳහා සහය දැක්වීමට ඩොලර් මිලියනයක මුදලක් පරිත්‍යාග කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන ජනප්‍රිය ගායන ශිල්පිනී යොහානි ද සිල්වා පවසයි.

මුහුණු පොත ඔස්සේ සටහනක් තබමින් ඇය පවසන්නේ කලාකාරිනියක ලෙස තම වෘත්තීය ජීවිතය තුළ දේශපාලනය හා කිසිඳු ගනුදෙනුවක් නොමැති බවයි.

නමුත් පවතින ආර්ථික අපහසුතා අසාර්ථකත්වයට පත් වූ පිරිස් සඳහා තම යූ ටියුබ් නාළිකාවේ සහ අනෙකුත් නාලිකා ඉදිරි මාස තුනේ ලැබෙන ආදායම ආහාර සහ ඖෂධ නිෂ්පාදනයට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව ඇය සහතික කරයි.

තොරතුරු ඇය පවසන්නේ මේ මොහොතේ රට තුළ පවතින අරගලය තමාගේද අරගලයක් බවයි. නමුත් ප්‍රතිපත්තියක් ලෙස දේශපාලනය සම්බන්ධව කතා කිරීමට නොහැකි බව සැලකිය යුතු සහ දේශපාලනය පිළිබඳ දැනුමක් තමාට නොමැති නිසා ය.

නිර්මාණ තිලකසිරි

The post ලංකාව ආර්ථික අර්බුදයෙන් බේරගන්න යොහානි කරන්න යන දේ appeared first on Aruna.

Next Post

මහේල නැවතත් අයි.සී.සී. ක්‍රිකට් කමිටුවට

Tue Apr 12 , 2022
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) ක්‍රිකට් කමිටුව සඳහා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන නැවත වරක් පත්කර ඇත. මහේල ජයවර්ධන අදාළ පිරිමි ක්‍රිකට් කමිටුව සඳහා එක්රැගෙන ඇත්තේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙනුවෙන් ලැබෙන අවස්ථාවයි. ඩුබායිහිදී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත. මහේල ජයවර්ධනට අමතරව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.