සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවට තවත් හෝරා කිහිපයයි

නැකැත් සීට්ටුව මෙතැනින් බලන්න

තෝරාගත් සිංහල අලුත් අවුරුදු උදාව යෙදී ඇත්තේ පෙරවරු 08.41 ටය.

අද අළුයම 2.17 ට පුණ්‍ය කාලය උදාවිය.

ආහාර සඳහා නැකත පෙරවරු 9.05 ට යෙදී ඇති අතර රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප්බැද ගිනි මොලවා දී-කිරි මිශ්‍රණයක්‍ර කිරිබතක් ද උදුපිටි මිශ්‍රණයක්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගන්නා ලෙසයි නැකැත්ට්ටුව සීයේ සඳහන් වේ.

මේ අතර අද පෙරවරු 10.17 ට වැඩ ඇල්ලීම / ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීම නැකැත යෙදී ඇත.

හිසතෙල් ගෑමේ නැකත උදාවන්නේ 17 වනදා උදාසන 7.04 ටය.

එම නැකතට දකුණු දිශාව බලා හිසට ඉඹුම්පත්ද පයට නුග පත්ද තබා රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී ඉඹුල් පත් යුෂ මිශ්‍රණය‍ර නානු ද ගා ස්නානය සුදුසු බව ජෝතිශ්‍යයේ සඳහන් වේ.

කැමති සිංහල හා දමිළ අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් මස 18 වන සඳුදාය.

සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කොට 6.51ට දකුණු දිසාව බලා පිටත්ව යාම යෝගය බව නැකත් සීට්ටුවේ සඳහන් වේ.

The post සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවට තවත් හොර කිහිපයයි appeared first on Aruna.

Next Post

Coachella තවමත් විකුණා නැත: ඔබට ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකි ස්ථානය මෙන්න

Thu Apr 14 , 2022
විශේෂාංගගත සියලුම නිෂ්පාදන සහ සේවා සංස්කාරකවරුන් විසින් ස්වාධීනව තෝරා ගනු ලැබේ. කෙසේ වෙතත්, Billboard හට එහි සිල්ලර සබැඳි හරහා කරන ලද ඇණවුම් සඳහා කොමිස් මුදලක් ලැබිය හැකි අතර, සිල්ලර වෙළෙන්දාට ගිණුම්කරණ අරමුණු සඳහා නිශ්චිත විගණනය කළ හැකි දත්ත ලැබිය හැකිය. කෝචෙල්ලා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ අවලංගු කරන ලදී, නමුත් වාර්ෂික […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.