බ්‍රිතාන්‍යයෙනුත් යුක්රේනයට ආධාර

බ්‍රිතාන්‍යයේ යුක්‍රේනයට ඩො. මිලියන 400 ක යුද ආධාර

යුක්‍රේනයට ඩොලර් මිලියන 400 කට ආසන්න යුධ ආධාර ලබා දීමට බ්‍රිතාන්‍ය තීරණය කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මේ බව ප්‍රකාශ කර ඇති බවයි.

යුක්‍රේනයට අඛණ්ඩ ආරක්ෂාවට සහය වීම සඳහා බ්‍රිතාන්‍යය මෙම පියවර ගෙන ඇති බවට වාර්තා වී ඇත.

යුධ ආධාර පැකේජයට ඉලෙක්ට්‍රොනික යුධ උපකරණ ය.

තව ද රේඩා පද්ධතියක් ඇතුළු යුද උපකරණ දහස් ගණනක් එම යුධ ආධාර යටතේ යුක්‍රේනයට ලබා දෙනු ඇත.

යුක්‍රේන රජයෙන් කළ ඉල්ලීමකට අනුව, නැගෙනහිර යුක්‍රේන සිවිල් වැසියන් ඉවත් කිරීමට අවශ්‍ය වන වාහන විශාල සංඛ්‍යාවක් ද බ්‍රිතාන්‍යයේ යවා තිබේ.

මේ අතර යුක්‍රේනයේ කියෙව්හි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ද නැවත විවෘත කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

The post බ්‍රිතාන්‍යයෙනුත් යුක්‍රේනයට ආධාර appeared first on අරුණ.

Next Post

සාදයේ ගැටුම මරණයෙන් අවසන් වෙයි

Tue May 3 , 2022
පේදුරුතුඩුව, කරණවායි ප්‍රදේශයේ හෝටලයක තරුණියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් තරුණයෙකු කැපුම් තුවාල ලබා මියගොස් ඇතැයි පොලීසිය කියයි .

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.