පොලිස් විශේෂ කාර්ය බළකාය විරෝධතාකරුවන්ට පහරදෙයි

පල්වත්තේ උණුසුම් තත්වයක්

පැල්වත්ත පාලම තුන මංසන්ධිය ප්‍රදේශයේ අද රාත්‍රියේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තේය.

ඒ , විරෝධතාවයේ නිරතව සිටි පිරිසකට පොලිසිය විසින් කදුළු ප්‍රහාරයක් එල්ල කිරීමත් සමගයි.

කදුළු ප්‍රහාරය එල්ල කිරීමට සුළු මොහොතකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකාය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවක් දුරදිග යාමත් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් විරෝධතාවයේ නියැලී සිටි පහරදී ඇත.

එම අවස්ථාවේ කුපිත වූ විරෝධතාකරුවන් පොලිසිය විසින් කදුළු නිෂ්පාදනය ප්‍රයෝග කිහිපයක්ම එල්ල කර ඇත.

කුඩා දරුවන් ඇතුළු වැඩිහිටි පුද්ගලයින් ද අසාධ්‍යවී ඇති අතර, ඔවුන් කඩිනමින් ගිලන්රථ මගින් රෝහල් වෙත යොමු කිරීම සඳහා විරෝධතාවයේ නියැලී සිටින පුද්ගලයින් පියවර ගෙන ඇත.

The post පොලිස් විශේෂ කාර්ය බළකාය විරෝධතාකරුවන්ට පහරදෙයි appeared first on Aruna.

Next Post

රටපුරා හදිසි නීතිය පනවයි

Fri May 6 , 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.