හොර පාරෙන් යද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකුට විරෝධතාකරුවන්ට හසුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු , මනුෂ නානායක්කාර සහ හෙක්ටර් අප්පුහාමි පාර්ලිමේන්තුවෙන් පිටව යද්දී පාර්ලිමේන්තුවට නුදුරු ජයන්තිපුර ප්‍රදේශයේ ප්‍රදේශයේ පිරිසක් ඔවුන් ගමන් ගත් වාහන හරස් කර නතර කර ගෙන ගොස් බැන තර්ජනය කිරීම නිසා එම ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වය […]

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

පල්වත්තේ උණුසුම් තත්වයක් පැල්වත්ත පාලම තුන මංසන්ධිය ප්‍රදේශයේ අද රාත්‍රියේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තේය. ඒ , විරෝධතාවයේ නිරතව සිටි පිරිසකට පොලිසිය විසින් කදුළු ප්‍රහාරයක් එල්ල කිරීමත් සමගයි. කදුළු ප්‍රහාරය එල්ල කිරීමට සුළු මොහොතකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකාය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවක් දුරදිග යාමත් සමග පොලිස් විශේෂ […]

කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මියට ලබා දී තිබු පොලිස් ආරක්‍ෂාව ඉවත් කොට පැය දෙකකට පසු නැවතත් එම ආරක්‍ෂාව සැපයීමට පොලිස්පතිවරයා පියවර ගත් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

රට හදන යෝජනාවක් මල්වතු සම්බන්ධයෙන් මහානායක හිමියන්ට පිළිගන්වයි   රාජ්‍යයන් වහන්සේලා හොඳක් කරාවි යැයි සිතා සිටි වසර 75 ක කාලයක් ජනතාව බලා සිටි බවත්, අවශ්‍ය කරන වැඩපිළිවෙල හැදෙන්නේ නැත්නම් වසර 85 ක් යන තුරු බලා නොසිට මහනායක හිමිවරුන් ද අනෙකුත් ආගමික නායකයන්ද ශ්‍රී ලාංකික ලෙස සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව […]

ජනපති හදිසියේ ගත් තීරණය මෙන්න අද මධ්‍යම රාත්‍රියේ සිට නැවතත් හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමට ජනාධිපති රාජපක්ෂ තීරණය කර ඇත. රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම, මහජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපයීම් සහ සේවා පවත්වාගෙන යාම සඳහා බොහෝ දුරට ව්‍යවස්ථානුකූලව පැවරීම ඇති බලතල ප්‍රකාර හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. […]

මැයි 9 වැනි සඳුදා සිදුවෙන්න යන දේ මෙන්න අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පස්රුවේ පැවති විශේෂ රැස්වීමේදී ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව සිය අග්‍රාමාත්‍යවරයා ඔහුගේ තනතුරෙන් එලැඹෙන සඳුදා වන විට ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. රට තුළ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ තවදුරටත් කටයුතු කිරීමට නොහැකි […]

හර්තාලය පැවතුණ ද දුම්රිය ගමන්වාර 30 ක් අද (6) දිනයේ ක්‍රියාත්මක කළ බවත් දුම්රියවලට මගීන් නොමැති වීමෙන් ගමන්වර 20 ක් පමණ අවලංගු කළ බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා අද පස්වරුවේ පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.