දින විස්සට බිලියන 15ක සල්ලි අච්චු ගහලා

මහ බැංකුවේ නව අධිපතිවරයා කළ වැඩක්

මහ බැංකුවේ නව අධිපතිවරයා කළ වැඩක්ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නලලාල් වීරසිංහ භාරගත් පසුගිය අප්‍රේල් 08 සිට අප්‍රේල් 29 දක්වා මහ බැංකුවට රුපියල් බිලියන 15ක් (රුපියල් කෝටි 1490ක්) ආසන්න වශයෙන් මුදල් ප්‍රකාශනය කර නිල දත්ත අනාවරණය කරයි. . මෙහි සාමාන්‍යය රුපියල් බිලියන 1.14කි.

මෙම කාලය කර මහ බැංකුව විසින් මුද්‍රණය ඇති එක් දිනක වැඩිම මුදල් ප්‍රමාණයේ වාර්තා වී ඇත්තේ අප්‍රේල් 19 වනදාය.

මීට පෙර මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ පාලනය යටතේ 2022 ජනවාරි 01 සිට අප්‍රේල් 07 දක්වා කාලසීමාව තුළ රුපියල් බිලියන 432.7 ක් (රුපියල් 43270 ක්) මුද්‍රණය කර ඇති අතර එහි සාමාන්‍ය රුපියල් බිලියන 4.5 කි. මේ අනුව 2022 ජනවාරි 01 සිට අප්‍රේල් 29 අතර මාස 04 කාලයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුද්‍රණය කර සම්පූර්ණ ශුද්ධ මුදල් ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 447.6 කි. (රුපියල් කෝටි 44760කි) ඒ අනුව එම කාලයේ දී රුපියල් බිලියන 4.61 ක් ලෙස මුද්‍රණය කර සැලකේ.

නයන තරංග ගමගේ

The post දින විස්සට බිලියන 15ක සල්ලි අච්චු ගහලා appeared first on Aruna.

Next Post

ඇතැම් ප්‍රදේශවලට අදත් වැසි

Sat May 7 , 2022
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (7) වැසි වාර කිහිපයක් ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.