මුදලට විකිණෙන්න එපා . . .

පක්‍ෂ දේශපාලනික බල ව්‍යාපෘතීන් සහ මන්ත්‍රීවරුන් මිලදී ගැනීම් වැනි දූෂිත ක්‍රියා පසෙකලා මාතෘභූමියේ සහ ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කළ හැකි නායකත්වයක් තෝරා ගැනීම සඳහා හෘදසාක්ෂියට එකඟව කටයුතු කරන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමු කරමින් කියා සිටිති.
ජනතා අපේක්‍ෂා ඉටුකිරීම සඳහා උපරිම දායකත්වය ලබාදීමට ලැබී ඇති ඓතිහාසික අවස්ථාව අතපසු නොකරන්නැයි මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද කාදිනල්තුමෝ සඳහන් කරති.
සියලු විධායක බලතල සහිත ජනාධිපතිවරයකුටත් බලය අතහැරයෑමට සිදුවූ, දුර්ලභ අවස්ථාවක, මව්බිමේ හෙට දවස වෙනුවෙන් ගතයුතු එම අතිශය තීරණාත්මක තීන්දුව තම අපේක්ෂාවන් අනුව සිදුවෙතැයි රටේ දෙකෝටියකට වැඩි ජනතාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දෙස බලා සිටින මෙම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් රැස්වී ජනතා මතයට පටහැනි තීරණයක් ගනු ඇතැයි ජනතාව තුළ විශාල බියක් පවතින බව කොළඹ අගරදගුරුතුමන් සිය ලිපියෙහි සඳහන් කර ඇත.
විධායක බලය අතේ තිබියදීත් බලයත් රටත් අතහැරයෑමට සිදුවූ හිටපු ජනාධිපතිවරයා මුහුණදුන් අත්දැකීම හා අපකීර්තියත් දෙස බලන විට බලයට ගිජුකමක් ඇතිවේ දැයි යන්න ගැටලුවක් බව සඳහන් කරන අගරදගුරුතුමන් කෙටි කාලයකට ලැබෙන දේශපාලන බලයට වඩා සිය ආත්ම ගෞරවයත් මව් රටේ ජනතා අභිප්‍රායත් වැදගත් නැද්දැයි මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කර තිබේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රනිල් ජය ගනියි . . .

Wed Jul 20 , 2022
අභිනව ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී අද (20) පැවති තීරණාත්මක ඡන්ද විමසීමේදී  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වුණා. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මෙහි දී ජනපති සටන සඳහා ඉදිරිපත්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x