ෆයිසර් එන්නත් තොගය කල් ඉකුත් වීමට ආසන්නයි . . .

ඔක්තෝබර් මාසය අවසන් වනවිට මෙරටට ගෙන්වා ඇති ෆයිසර් එන්නත් තොගය කල්ඉකුත් වීමට නියමිත බව සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි. අද (07) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මේ බව කියා සිටියේය.

ප්‍රශ්නය – මේ වනවිට ෆයිසර් එන්නත් මිලියන 8ක් ගෙන්වලා තියෙනවා. මේ එන්නත් ටික එන මාසය වෙද්දි කල්ඉකුත් වෙනවා. මේ එන්නතක් ඇණවුම් කරලා තියෙන්නේ ඩොලර් 10 – 15ත් අතර, විශාල මුදලකට. රටට එන්නත් අවශ්‍යයි. මේ වැඩිපුර එන්නත් කොහේද තියලා තියෙන්නේ. එන මාසේ කල්ඉකුත් වෙනවා නම් මිලියන 8 ක් අපිට ගහලා ඉවර කරන්න බෑ. මේ එන්නත් නියම ප්‍රමිතියකට ගබඩා කරලා තියෙනවාද?  මේවා කොහෙද තියෙන්නේ? රටට ඩොලර් නැත්නම් කථානායකතුමනි මේ වැඩිපුර එන්නත් මිලියන 8 ඇණවුම් කරන්න කවුද අවසර දුන්නේ?

“එන්නත් ආනයනය කරලා තියෙන්නේ යම් ගණනය කිරීමක් අනුව. සමහරු තුන්වෙනි මාත්‍රාව අරන් නෑ.  මම නම් හතරවෙනි එන්නතත් ගත්තා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් යළි යළි කියනවා අවධානම වැඩිවෙන්න කලින් මේ එන්නත ගන්න කියලා. එන්නත් වැඩිපුර ගෙන්වලා නෙමෙයි රටේ ජනතාවට අවශ්‍ය පරිදි ගෙන්වලා තියෙන්නේ. හැබැයි ජනතාව ඒකට ප්‍රතිචාර දක්වන්න ඕනේ. මම පිළිගන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශය මීට වඩා අවධානය යොමුකරන්න ඕනේ මේක බැරෑරුම්කම පෙන්වලා දීලා ප්‍රචාරාත්මක වැඩපිළිවෙලක් ගෙනියන්න මීට වඩා ජනතාව උනන්දු කරවන්න මේ එන්නත ගන්න. ගබඩා කිරීමේ ප්‍රශ්නයක් නෑ. කතාව ඇත්ත ඔක්තෝබර් අවසන් වෙන්න කලින් එන්නත් ටික ලබාගන්න ඕනේ.”

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉතිරි වන කෑම කන්න ආ සිසුන් දණගස්වයි . . .

Wed Sep 7 , 2022
වැලිගම නගර ශාලාවේ පැවති මංගල්‍යය උත්සවයක ඉතිරිවන ආහාර කෑමට එහි ගොස් සිටි කුඩා සිසුන් 05 දෙනෙකු අල්ලා දණගස්වා පොලීසිය වෙත බාර දීමට නගාරාධිපතිනිය ඇතුළු පිරිසක් කටයුතු කර තිබේ. එම සිසුන් නගර ශාලාව අවට පදිංචි අවුරුදු 12,13,16,17 වයසේ පසුවන සිසුන් පස් දෙනකු බවත් ඔවුන් මෙහි පැවැත්වෙන උත්සවවලදී ඉතිරිවන ආහාර කෑම සඳහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x