ඉතිරි වන කෑම කන්න ආ සිසුන් දණගස්වයි . . .

වැලිගම නගර ශාලාවේ පැවති මංගල්‍යය උත්සවයක ඉතිරිවන ආහාර කෑමට එහි ගොස් සිටි කුඩා සිසුන් 05 දෙනෙකු අල්ලා දණගස්වා පොලීසිය වෙත බාර දීමට නගාරාධිපතිනිය ඇතුළු පිරිසක් කටයුතු කර තිබේ.

එම සිසුන් නගර ශාලාව අවට පදිංචි අවුරුදු 12,13,16,17 වයසේ පසුවන සිසුන් පස් දෙනකු බවත් ඔවුන් මෙහි පැවැත්වෙන උත්සවවලදී ඉතිරිවන ආහාර කෑම සඳහා මීට පෙරද මෙම දරුවන් මෙහි පැමිණ ඇති බවත් ඉතිරිවන ආහාර ගැනීමට පැමිණෙන ලෙස සිසුන්ට දන්වා ඇත්තේ මෙහි අරක්කැමියා බවත් වැඩිදුරටත් වාර්තා වේ. මෙම සිසුන් පිරිස පොලීසිය එනතුරු දනගස්සවා සිටි බවත් නගරාධිපතිනියගේ දැනුම් දීම පරිදි පොලීසිය පැමීණ වැලිගම පොලීසිය වෙත සිසුන් පස් දෙනා රැගෙන ගෙන ගොස් පැය කිහිපයකට පසු මුදා හැර ඇති බවත් වාර්තා වේ.

මෙම සිද්ධියට ලක්වු සිසුවකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ,

“එම විවාහ මංගල්‍යයවලට විශාල පිරිසකට උයනවා. එතැන ඉතිරි වන කෑම කන්න අපි මීට පෙරත් ගිහින් තියෙනවා. කෑම උයන අංකල් කෙනෙක් තමයි අපිට කාලා යන්න එන්න කීවේ. ඒ අනුව අපි පස් දෙනා ගියාම එතන හිටපු කෙනෙක් පොඩ්ඩක් ඉන්න කීවා. ඒ අතරතුර දී නගරාධිපතිතුමිය හා තවත් කිහිප දෙනකු ඇවිත් අපිට බැනලා පඩි පෙළ ළඟ දණ ගහ ගෙන ඉන්න කීවා. විශාල පිරිසක් හිටපු නිසා අපිට ඒ වෙලාවේ ලොකු ලැජ්ජාවක් ඇති වූණා. ටික වේලාවකට පසු පොලීසිය පැමිණ අපිව රැගෙන ගියා. එහෙදිත් බැනලා පැය තුනකට පසුව අපි අම්මලා තාත්තලාට භාර දුන්නා.” යනුවෙනි.

මේ පිළිබඳව වැලිගම නගරාධිපතිනී යමුනා කාන්තිගෙන් විමසූ විට කියා සිටියේ අදාල පිරිස ළමුන් නොව කෑම බලහත්කාරයෙන් මංකොල්ලකෑම සඳහා පැමිණි පිරිසක් බවයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සහතික කළ පිටපත් කාල සීමාවකින් තොරව වලංගුවේ . . .

Wed Sep 7 , 2022
රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන උප්පැන්න, විවාහා සහ මරණය සහතික වල සහතික කළ පිටපත් කාල සීමාවකින් තොරව වලංගු බව රෙජිස්ටර් ජනරාල් ප්‍රභාත් අබේවර්ධන  පවසයි.මෙම පිටපත් වල වලංගු කාලය ලෙස මෙතෙක් පැවතියේ මාස හයකි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x