එලිසබෙත් රැජින මිය යයි, චාල්ස් කුමරු රජ වෙයි . . .

දශක හතක් වැනි දීර්ඝ කාලයක් බ්‍රිතාන්‍යයේ කිරුල දැරූ එලිසබෙත් රැජින වයස අවුරුදු 96 දී මිය ගිය බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි. ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍යවරුන් අනතුරු ඇගවීමෙන් පසු ස්කොට්ලන්තයේ පිහිටි ‘බල්මෝරල් කාසල්’ හි ඇය රදවා ප‍්‍රතිකාර කරනු ලැබීය.

ලොව වයස්ගතම සහ දීර්ඝතම රාජ්‍ය නායිකාව ද වූ දෙවන එලිසබෙත් රැජින සිංහාසනයට පැමිණියේ 1952 පෙබරවාරි 6 වන දින ඇගේ පියාගේ අභාවයෙන් පසුව වන අතර, වයස අවුරුදු 26 දී එක්සත් රාජධානියේ කිරුළ හිස දරාගත් දෙවන එළිසබෙත් මහ රැජින  බ්‍රිතාන්‍ය කිරුළ හොබවන ලද කාලය වසර 70 කි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ ඔහුගේ ආර්යාව වන කැමිලා පාකර් ඇතුළු රාජකීය පවුලේ සමිපතයින් ඊයේ (08) දහවල් බ්‍රිතාන්‍යයේ සිට ස්කොට්ලන්තයේ පිහිටි බැල්මෝරාල් මාලිගය වෙත ගුවන් මගින් පැමිණි බවයි.

ඇයගේ අභිවයෙන් පසු වැඩිමහල් පුත්‍රයා වන 73 හැවිරිදි චාල්ස් කුමරු එක්සත් රාජධානියේ රජු බවට පත් වන අතර ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ නවසීලන්තය ඇතුළු තවත් රාජ්‍ය 14 කද රජු බවට පත් වේ.

අභාවප්‍රාප්ත වූ එළිසබෙත් රැජිනගේ දේහය අද (09) ලන්ඩනයට රැගෙන එන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දෙමටගොඩ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ගැටුමක් . . .

Fri Sep 9 , 2022
දෙනෝ දහසක් දෙනා බලා සිටියදී දෙමටගොඩ ලක්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණයේ මෛත්‍රී විහාර පාරට කඩු පොලු අතැතිව ත්‍රීරෝද රථ දෙකකින් කඩා වැදුණු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පුද්ගලයකුට සහ ඔහුගේ නැගණියට තියුණු ආයුධවලින් හා පොලු වලින් පහරදී බරපතළ තුවාල සිදුකර පලායමින් සිටියදී ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. එම සැකකරුවන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x