නොගැලපෙන හැසිරීම නිසා ශිෂ්‍යභාවය තහනම් කෙරේ . . .

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකුගේ ශිෂ්‍ය භාවය තහනම් කිරීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ. එහි උප කුලපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ විශ්ව විද්‍යාලයේ පැවති උද්ඝෝෂණයකදී සිසුන්ට නොගැලපෙන වචන භාවිතා කරමින් පරුෂ සහ පහත් වචන භාවිතා කරමින් ඔහු විශ්වවිද්‍යාලයේ රාජකාරි වලටද බාධා පමුණුවා ඇති බවයි.

අදාළ සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

2022 සැප්තැම්බර් මස 28 වැනි දින පැවැත්වූ සිසු උද්ඝෝෂණයකදී සිසුන් කිහිපදෙනෙකු විශ්ව විද්‍යාලයේ සිසුන්ට නොගැලපෙන ආකාරයට හැසිරී ඇත. මෙම හැසිරීම නිසා සනාතන මන්දිරයේ රාජකාරි කටයුතු වලට බාධා සිදුවී ඇත . මෙහිදී විශ්වවිද්‍යාල බලධාරීන් ගැන අසභ්‍ය පරුෂ හා පහත් අන්දමේ ප්‍රකාශ සිදු කර ඇත. එමගින් විශ්ව විද්‍යාලයේ සහ බහුතරයක් සිසුන්ගේ කීර්ති නාමයට කැළලක් සිදුවී ඇත. මෙම ක්‍රියාවට සම්බන්ධ සිසුවා සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති වන අතර ඔහුගේ ශිෂ්‍යභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇත. මෙම සිද්ධිය ගැන පූර්ණ පරීක්ෂණයක් අවසන් කරන තෙක් ශිෂ්‍යභාවය තහනම් කිරීම ක්‍රියාත්මක වන අතර අදාළ ශිෂ්‍යයාට විශ්වවිද්‍යාල භූමියෙන් වහාම පිටවන ලෙස දන්වා ඇත .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් කිහිප දෙනෙකුගේ ක්‍රියාකලාපය හෙළා දකින අතර බහුතර ශිෂ්‍ය නායකයන්ගේ සහ අනෙකුත් ශිෂ්‍යයන්ගේ සාමකාමී ගරු කටයුතු සහ මානුෂීය හැසිරීම විශ්ව විශ්වවිද්‍යාලය අගය කරමු .

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කසිප්පු පෙරා මාසික ලීසිං වාරිකය ගෙවයි . . .

Fri Sep 30 , 2022
මාසික ලීසිං වාරික ගෙවීමට නොහැකි වූ බස්රථ හිමිකරුවකු විසින් කසිප්පු පෙරා ඇති බව පොලිසිය සඳහන් කරයි. ඔහු හෝමාගම නියදගල ප්‍රදේශයේදී කසිප්පු තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. හෝමාගම පොලිසියට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් විසින් ප්‍රදේශය වටලා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය විසින් කළ ප්‍රශ්න කිරීමකදී සැකකරු පවසා ඇත්තේ තමන්ට හෝමාගම පිටකොටුව මාර්ගයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x