ප්‍රමිතියෙන් තොර ඖෂධ පර්‍යේෂණ කටයුතු සදහා මිලදී ගෙන . . .

ඖෂධ පර්යේෂණ කටයුතු සඳහා මිලදීගෙන තිබූ ඖෂධ අමුද්‍රව්‍ය කිලෝ 213 කින් කිලෝ 175 ක් නියමිත ප්‍රමිතියෙන් තොර පාවිච්චියට නුසුදුසු ඒවා බවට තහවුරුවී තිබෙනවා. ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව 2020 වර්ෂයේදී මෙම මිලදී ගැනීම සිදු කර තිබුණා.

විගණන විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත්තේ, එම ඖෂධ අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා සංස්ථාව රුපියල් ලක්ෂ විස්සකට වැඩි මුදලක් වැයකර තිබූ බවයි. එමෙන්ම ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විවිධ හේතු මත ඖෂධ නිෂ්පාදනය එම වර්ෂයේදී අතරමඟ නවතාලීම නිසා රුපියල් ලක්ෂ විසි හයකට ආසන්න පාඩුවක් සිදුවී ඇති බවත් විගණන අංශ පවසනවා. නිෂ්පාදනය මෙසේ අතරමඟ නවතා ඇත්තේ ඖෂධ පෙතිවල විචලතා, අයහපත් පෙනුම හා පෙති කැඩීයාම වැනි හේතු නිසයි. කෙසේ වෙත්ත විගණන වාර්තාව පේනවා දෙන්නේ, සෑම වර්ෂයකම නිෂ්පාදන ක්‍රියාවලියේදී සිදුවන මෙම අයහපත් තත්වය අවම කර ගැනීමට කටයුතු කර නොතිබූ බවයි.

මේ අතර වෛද්‍ය සැපයුම් අංශය විසින් 2020 වර්ෂයේදී ඇණවුම් කෙරුණු රුපියල් කෝටි සීයක් පමණ වටිනා ඖෂධ වර්ග 26කින් ඒකක මිලියන 570.78ක ප්‍රමාණයක් සැපයීමට සංස්ථාව අපොහොසත්වී තිබූ බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරනවා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලංකාවේ අච්චාරුවලට ප්‍රමුඛ ස්ථානයක් හිමිවේ . . .

Sun Oct 23 , 2022
ආසියාවේ වීථි ආහාර හෙවත් ස්ට්‍රීට් ෆුඩ් සම්බන්ධයෙන් සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවාව කළ සමීක්ෂණයකින් මෙරට අච්චාරුවලට ප්‍රමුඛ ස්ථානය හිමිව ඇත. මෙයට ආසියාවේ වීථි ආහාර ලෙස බහුලව භාවිත කෙරෙන ආහාර වර්ග 50 ක් පමණ යොදාගෙන ඇති අතර මෙහිදී ශ්‍රී ලංකාවේ පැණිරස, ඇඹුල් සහ මිරිස් සැර යෙදූ එළවළු සහ පළතුරු අච්චාරුවලට මුල්තැන හිමිව ඇත. දේශීය කුළුබඩු, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x