
ලෝක ජනගහනය බිලියන 08 ඉක්මවූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඒ පිලිපීනයේ මැනිලා නුවර බිළිඳියක් බිලියන අටවැන්නා ලෙස උපත ලැබීමත් සමගය.
ලෝක ජනගහනය බිලියන 07 සිට 08 දක්වා ළඟාවීමට වසර 11 ක් ගතවී තිබුණු බව ඔවුන් පවසයි. ලෝක ජනගහනය බිලියන 09 ඉක්මවීමට තවත් වසර 15 ක් ගතවන බවත් බිලියන 10 වීමට 2080 පමණ විය හැකි බව ඔවුන් වැඩිදුරටත් පවසයි.
Tue Nov 15 , 2022
සුමිහිරි ගීතයකට වඩා මෙම කන්කලු හඬ රටාව මාගේ දෙසවන සොරාගත්තේය. පැය 24 පුරා ඇසෙන, නිල්වන් ජල දහරාව ගලාබසින ගල්මල් ඔයේ ගීතිකාව සහ දසුන් ගත සිතම වශී කරන්නට ගත්තේය. සතරදිග්භාගයට පෙනෙන ගොම්බානිය, නකල්ස්, දෝතළුගල, කිරිගල්පොත්ත, තුන්හිස්ගල, කිරිමැටියකන්ද, කලේගල යන කන්‍යාවියන් සත්දෙනාට මැදිව මම දෙපසින් සිටගෙන සිටින්නට විය. වදනින් වර්ණනා කළ නොහැකි […]