මහජන මුදලින් නඩත්තු වන මහින්දගේ පෞද්ගලික කාර්‍ය මණ්ඩලය . . .

හිටපු ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්ෂට 2,578 ක පෞද්ගලික කාර්ය මණ්ඩලයක් සිටි බවත් මෛත්‍රිපාල සිරිසේනට එම කාර්ය මණ්ඩලය 1,317 ක් සිටි බවත් අනාවරණය වී ඇත.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ “අද” පුවත්පතේ මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මෙම තොරතුරු හෙළිකර ඇති අතර විකල්ප ප්‍රතිපල්ති කේන්ද්‍රය 2019 දී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එම තොරතුරු ඉල්ලූ බවද වැඩි දුරටත් සඳහන් කර තිබේ.

එම පෞද්ගලික කාර්ය මණ්ඩල සඳහා රුපියල් 1,488,434,900.00ක් වූ මහජන ධනයක් වැය කර තිබේ. 2010 සිට 2014 දක්වා කාලය තුළදී මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ 2,578ක් වෙනුවෙන් රුපියල් 638,107,942.00 වැයවී ඇත. මෛත්‍රිපාල සිරිසේනගේ ධුර කාලය වූ 2015 – 2019 දක්වා කාලය තුළ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ 1,317ක් වෙනුවෙන් රුපියල් 850,326,958.00 වැය කර ඇත.

මෙම තොරතුරු ලබාදීම ජනාධිපති ලේකම්වරයා ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ පිළිබඳව තොරතුරු කොමිසමට කරන ලද අභියාචනයක් සළකා බැලීමෙන් පසුව අදාළ තොරතුරු ලබා දී තිබේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වයස අවුරුදු 15 දී ජාතික හැඳුනුම්පත අනිවාර්‍යයි . . .

Wed Nov 23 , 2022
වයස අවුරුදු 15 දී ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම අනිවාර්ය කරමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මෙම චක්‍රලේඛයට අනුව නිසි වයසේදී හැඳුනුම්පතක් ලබා නොගන්නා පුද්ගලයන් එම වයස ඉක්මවා හැඳුනුම්පත් ඉල්ලුම් කරන අවස්ථාවන්හිදී ඔවුන් රුපියල් 2,500/= ක දඩයකට යටත් කිරීමට හැකි බව එම චක්‍රලේඛයේ මගින් පෙන්වා දී ඇත. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x