නන්දලාල්ගේ මාසික වැටුප කීයද ? . . .

වත්මන් මහ බැංකු අධිපතිවරයා රුපියල් ලක්ෂ 25 ක මාසික වැටුපක් ලබා ගන්නා බවත්, ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ද විශ්‍රාම වැටුපක් ලබා ගන්නා බවටත් පසුගිය කාලයේ දී දේශපාලඥයින් කිහිප දෙනෙකුම අවස්ථා කිහිපයකදී සඳහන් කර තිබුණි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද (24) පැවති මාධ්‍ය හමුවක දී මේ සියලු චෝදනා අසත්‍ය ඒවා බව තරයේ කියා සිටියේය. මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රතිචාරය පහතින් දැක්වේ.

“මම වගකීමෙන් කියන්නේ පළවෙනුවම ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ඉතාම කනගාටුයි රටේ වගකිව යුතු දේශපාලඥයෝ මේ වගේ යම්කිසි බොරු ප්‍රකාශයක් කිව්වාම ඒක ඇත්ත කියලා හැමතැනම ප්‍රකාශ කිරීම ගැන. පළවෙනි කාරණය මට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කිසිම විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ. මේක වගකීමක් සහිතව කියනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මම සහ අපේ මහ බැංකුවෙන් යම්කිසි ආකාරයකට ගියේ රට නියෝජනය කිරීම සඳහා. හැමෝටම ලැබුණු වැටුප මට ලැබිලා තියෙනවා.

නමුත් මම පැහැදිලිව කියනවා මට විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ. මට ලක්ෂ 25ක වැටුපත් කියන කතාවත් සම්පූර්ණ බොරුවක්. මම මහ බැංකුවේ අධිපති විදියට, මහ බැංකුවේ විශ්‍රාම ගිය නිලධාරියෙක් විදියට අවුරුදු 29 ක් සේවය කරලා ලැබෙන විශ්‍රාම වැටුප මට ලැබෙනවා. මහ බැංකු අධිපති විදියට මම ආවා. මෙතෙක්කල් හිටිය හැම අධිපතිවරයාටම ලැබෙන යම්කිසි වැටුපක්, වාහනයක්, නිවසක් ලැබෙනවා නම් මට ලැබෙන්නේත් ඒකම තමයි. මහ බැංකු අධිපති වශයෙන්, රජයේ නිලධාරියෙක් වශයෙන් මම කියන්න ඕනේ, මහ බැංකු අධිපති වශයෙන් මට ලැබෙන වැටුප මාසෙකට ලක්ෂ 4 යි. මට ලැබුණු විශ්‍රාම වැටුප ලැබෙනවා.”

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නිවාස ණය  අය කර ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් . . .

Thu Nov 24 , 2022
මෙතෙක් අය වී නැති නිවාස ණය  අය කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්න යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිළධාරින්ට උපදෙස් දෙයි. පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභාවේ ඊළඟ රැස්වීමට එම වැඩපිළීවෙල ඉදිරිපත් කරන ලෙස ද ඇමතිවරයා එම නිළධාරීන්ට උපදෙස් දෙයි. නාගරික සංවර්ධන හා නිවාස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x