ගැට කැපු තරුණිය අල්ලා පොලිසියට භාරදේ . . .

බස් රථ වල ගමන් ගන්නා මගින්ගේ මුදල් පසුම්බි සහ දුරකථන ගැට කපන සංවිධානාත්මක කාන්තා කණ්ඩායමක නායිකාවක් මගියෙකු විසින් අල්ලා හැටන් පොලිසිය වෙත (02) දින භාර දි ඇත.

තලවකැලේ සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයකට හැටන් කුඩාගම ප්‍රදේශයේදි ගොඩ වු කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් කාන්තාවක් බස් රථයේ ගමන් ගත් තරුණයෙකුගේ රු 65,000/= ක මුදල් සහිත මුදල් පසුම්බිය ගැට කපා ඇති අතර, එහිදි එම තරුණයා මුදල් පසුම්බිය ගැට කැපු තරුණියව අල්ලා හැටන් පොලිසිය වෙත භාර දි ඇත. සැකකාර තරුණිය මුදල් පසුම්බිය ඇය සමග පැමිණි අනෙකුත් තරුණියන් වෙත ක්ෂණිකව ලබා දි ඇති අතර , එම මුදල් පසුම්බිය රැගෙන එම තරුණියන් දෙදෙනා බස් රථයෙන් බැස පලා ගොස් ඇත. මුදල් පසුම්බිය නැති වු තරුණයා පොලිසිය හමුවේ කියා සිටියේ තමන් පෞද්ගලික බැංකුවකට මුදල් තැන්පත් කිරිම සදහා රැගෙන පැමිණි මුදල් මෙසේ ගැටකපා ඇති බවයි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වි සිටින සැකකාර කාන්තාව අහිකුණ්ඨක කණ්ඩායමක තරුණියක් බවත්, පලා ගිය සැකකාර තරුණියන් දෙදෙනා එම කණ්ඩායමේ සමාජිකයන් බවයි. පසුගිය දින කිහිපය තුල බස් රථ වල ගමන් ගන්නා මගින් සහ පාසල් සිසු සිසුවියන්ගේ මුදල් පසුම්බි සහ ජංගම දුරකථන විශාල වශයෙන් අස්ථානගත වි ඇති බව හැටන් පොලිසිය වෙත පැමිණිලි ගණනාවක් ලැබි ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කරන හැටන් පොලිසිය කියා සිටියේ.

මුදල් පසුම්බිය රැගෙන පලාගිය සැකකාර තරුණියන් දෙදෙනා අත්අඩංගුවට ගැනිම සදහා හැටන් පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇත.

– රංජිත් රාජපක්ෂ

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සෑම නිවස් කාණ්ඩයකම විදුලි ඒකකයක් 75/= දක්වා ඉහළ දමයි . . .

Sat Dec 3 , 2022
විදුලි බල මණ්ඩලය විසින් පාරිභෝගිකයන්ට ලබා දෙන විදුලි ඒකකයක් රුපියල් 75 දක්වා මිල ඉහළ දැමීමට සූදානමක් ඇතැයි වාර්තා වෙයි. මෙමඟින් ලංකා විදුබල මන්ඩලය මසකට ලබාගැනීමට බලාපොරොත්තු වුණා ආදායම රුපියල් මිලියන 360 කි. ඒ අනුව සෑම කාණ්ඩයකම නිවසක් සඳහා ඒක ඒකකයකට අය කරන මුදල් රුපියල්  75/= දක්වා වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය විසින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x