දෙවන මංකිපොක්ස් ආසාදිතයා . . .

අද දිනයේ මෙරටින් දෙවන මංකිපොක්ස් ආසාදිතයා හඳුනාගත් බව  සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා. ඔහු ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු බවයි අමාත්‍යංශයේ දැනුම් දෙන්නේ.

මේ අතර, වඳුරු උණ රෝගය මිනිසාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය තුළින්ම පාලනය කරගැනීමට හැකි තත්ත්වයක් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

මේ සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් වෙනුවට රෝග ලක්ෂණවලට ප්‍රතිකාර දීම සිදුකෙරෙන බව ඔහු පවසයි. ඔහුගේ ප්‍රකාශය පහතින්,

“මේක හැදුනාම ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය තුළින්ම මේක පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඊට අමතරව බොහෝවිට නිශ්චිත ප්‍රතිකාරයකට වඩා තියෙන්නේ රෝගියාට ඇතිවන රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීමක් තමයි සිද්ධවෙන්නේ. බොහොම වගකීමකින් කියන්නට පුළුවන් මේ පුද්ගලයා හරහා අපේ ප්‍රජාවට බෝවීමේ කිසිම ඉඩකඩක් දැනට තියෙන තත්ත්වය අනුව කිසිම අවකාශයක් නෑ.”

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගුවනින් ගිය ලොව උසම කාන්තාව . . .

Wed Nov 9 , 2022
ලොව උස ම කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තාව හිමි තුර්කි ජාතික Rumeysa Gelgi පසුගිය දා පළමු වරට ගුවන් ගමනක නිරත වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඇය ඉස්තාන්බුල් සිට සැන් ෆ්රැන්සිස්කෝ දක්වා ගමන් කර ඇත. 25 හැවිරිදි Rumeysa ප්‍රථම ගුවන් ගමන මෙය වන අතර ගුවන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x