තිළිණිට සහ ජානකීට ඇප ලැබේ . . .

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරි තිළිණි ප්‍රියමාලී සහ ජානකී සිරිවර්ධනට ඇප ලබාදීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද අවසර දුන්නේය.

තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩු හතකට එක් නඩුවකට රුපියල් 50,000 බැගින් රුපියල් 3,5,000,00 මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 14ක් යටතේ මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර එක් නඩුවකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව තිළිණි ප්‍රියමාලි ලබන 16 තෙක් යළි රිමාන්ඩ් කළේය.

ජානකී සිරිවර්ධනට එරෙහි චෝදනා තුනටම එක් නඩුවකට රුපියල් පනස් දහස බැගින් වූ මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියෝග කළේය.

  • නිමන්ති රණසිංහ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හම්බන්තොට වරාය හරහා ප්‍රතිනැව්ගතවූ වාහන . . .

Tue Dec 13 , 2022
2021දි මෝටර් රථ 484,567 ක් ප්‍රති නැව්ගත කරලා. 2022 වසරේ ආරම්භයේ සිට නොවැම්බර් දක්වා කාලපරිච්ඡේදය තුළ දී මෝටර් රථ 504,185 ක් හම්බන්තොට වරාය හරහා ප්‍රතිනැව්ගත කර ඇති බව වාර්තා වේ. මෙය පූර්ව වසර හා සැසඳීමේ දී 4% ක වර්ධනයකි. මෙලෙස හම්බන්තොට වරායට ඉන්දියාව, දකුණු කොරියාව, ජපානය හා මැදපෙරදිග රටවලින් වාහන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x