ජාතික ආරක්ෂාවට බලපාන මෙන්ම හමුදා නිලධාරීන්ගේ රහස්‍ය තොරතුරු මුදාහැරීම, අපහාසාත්මක, අසභ්‍ය, කාමුක දේශපාලනික ‌මෙන්ම කරුණු සමාජ මාධ්‍යය ජාලා ඔස්සේ මුදාහැරීම තහනම් කරමින් හමුදා මූලස්ථානය නියෝගයක් නිකුත් කර ඇත. යුද හමුදා ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් එල්.ඩී. හේරත් විසින් නිකුත් කර ඇති නියෝගය මගින් සියලුම යුද හමුදා නිලධාරීන්ට හා සෙසු නිලයන්ට […]

ඉදිරි වර්ෂය සදහා ඉදරිපත් කරන ලද අය වැය තුලින් වතු කම්කරුවන්ට කිසිදු සහනයක් නොලැබුනත් එම අය වැය හොද බව පවසමින් ජිවන් තොණ්ඩමන් එයට පක්ෂව ඡන්දය දුන්නේ කැබිනට් ඇමතිධූරයක් ලබා ගැනිමේ අරමුණ මත බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ සභාපති එස්. පී. ඉලංගෝ පවසයි. හැටන්හි පිහිටි ඔහුගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් […]

පාරිභෝගික සේවා අධිකාරිය විසින් බිත්තර සඳහා උපරිම මිලක් නියම කරමින් නිකුත් කරනු ලද ගැසට් නිවේදනය අත්හිටුවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. එමෙන්ම බිත්තර සඳහා වන උපරිම මිලක් යළි නියම කරන ලෙස ද අධිකරණයට විසින් එම අධිකාරියට නියෝග කර ඇත. මෙම නියෝගය ලබා දී ඇත්තේ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් […]

අද (14) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි සංස්ථා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 225/= කින් අඩු කර තිබෙනවා.  ඒ අනුව ඉන්සි සංස්ථා, ඉන්සි පෝට්ලන්ඩ් සිමෙන්ති කොට්ටයක නව මිල වනුයේ රුපියල් 2750/=ක්. මීට පෙර එම සිමෙන්ති කොට්ටයක මිල දැක්වූයේ රුපියල් 2975/=ක් ලෙසයි.

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9 විස්තීර්ණ මූල්‍ය සහනය සම්බන්ධයෙන් වන මුල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය මේ වසර අවසන් වීමට පෙර ලබාදීමට අවස්ථාව නොලැබෙන බව රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ තවදුරටත් වෙනස්කම් සිදුවිය යුතු බවයි. කෙසේ නමුත් මහ […]

සහල් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පවසනවා. ඒ අනුව බාස්මති සහල් හැර සෙසු සහල් වර්ග ආනයනය තහනම් කර තිබෙනවා. සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයට යටත් කරමින් මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අති විශේෂ […]

මහජන උපයෝගීතා කොමිසම නියම කළ පරිදි ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් මෙම වසරේ (2022) ප්‍රසාද දීමනාව අත්හැරීමට එකඟ වූ බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ වෘත්තීය සමිති ඒ සඳහා එකඟතාව පළ කර තිබෙනවා. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙම ප්‍රසාද දීමනාව අත්හිටුවීමෙන් රුපියල් බිලියන […]

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල්ද නිල් මානෙල්ද යන්න සම්බන්ධයෙන් හටගෙන ඇති මතභේදාත්මක තත්වය විසඳාගැනීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ, පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති පරිසර අමාත්‍ය නසීර් අහමඩ්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි. වසර ගණනාවක් […]

සපුගස්කන්ද තෙල් පිරිපහදුව මෙම මස 16 වනදා සිට නැවත ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පවසන්නේ පූර්ණ ධාරිතාවයකින් යුතුව පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවය. එම නිවේදනය පහතින්.  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.