IMF ණය ප්‍රමාදයට හේතුව හම්බන්තොට වරාය . . .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම ප්‍රමාද වීමට හේතුව වී ඇත්තේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඇති කරගත් ගිවිසුම හේතුවෙන් බොහෝ රටවල් ශ්‍රී ලංකාව සමග අමනාප වීම බව ඇමැති විජයදාස රාජපක්ෂ කියා සිටී.

එම ගිවිසුම නිසා ඉන්දියාව චීනය ඕස්ට්‍රේලියාව ජපානය ඇමරිකාව බුරුමය යුරෝපය ආදී රටවල් රැසක් ශ්‍රී ලංකාව සමග විරසක වූ බවද ඇමැතිවරයා පැවසීය. එම ගිවිසුමට විරුද්ධ වීම නිසා තමන් 2017 වර්ෂයේ දී අමාත්‍යධූරයෙන් පවා නෙරපා හැරිය බව ද ඔහු සදහන් කරයි. ජපානය සමඟ ඇති කර ගත් සැහැල්ලු දුම්රිය ගිවිසුම කිසිදු අධ්‍යනයකින් තොරව අවලංගු කිරීමද ශ‍්‍රී ලංකාව සමග රටවල් රැසක් අමනාප වීමට හේතු වූ බවත් ඔහු පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලැබුණද මෙරට ආර්ථිකයේ ලොකු වෙනසක් සිදු නොවුණු ඇති නමුත් ලොව වෙනත් රටවල් සමග ගනුදෙනු කල හැකි වෙනවා මෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳව විශ්වාසයක් ඇතිකරවීමට හැකි වන බවද කියා සිටියේය.

කෙසේ වුවත් ඉදිරි මාස 2 ක පමණ කාලයේ දී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යම් ආධාරයක් ලැබෙනු ඇති බවට විශ්වාස කළ හැකි බවද ඇමතිවරයා තවදුරටත් පැවසීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දියසෙන් කුමාරු පැහැර ගනී . . .

Tue Jan 3 , 2023
දියසෙන් කුමාරයා පිළිබඳව නිතරම සමාජ මාධ්‍ය තුළ කතා කරන වික්‍රමාආරච්චි වෙද මහතා නැමැති පුද්ගලයා පැහැරගැනීමකට ලක්ව ඇත. ඔහු ශාන්තිකර්මයකට ගොස් සිටි අවස්ථාවක වංචාවක් සිදු කළ බවට සඳහන් කරමින් කිසියම් පිරිසක් එම ස්ථානයේ ඔහුව සිර කරගෙන ඉන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරිසරයි. කෙසේ නමුත් වික්‍රමාරච්චි වෙද මහතා සමාජ මාධ්‍යට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x