හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින්න . . .

අද (04) දිනයේ සූර්යයාට වැඩි වශයෙන් නිරාවරණය නොවන ලෙස තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා ජනතාවට දැනුම් දෙනවා. ඒ, අද දිනයේ සූර්යයා පෘථිවියට වඩාත් ආසන්නයෙන් ගමන් කිරීම හේතුවෙන්.

මෙම හේතුවෙන්, හිරු එළියට වැඩි වශයෙන් නිරාවරණය වීමෙන් චර්ම රෝග ඇති වීමේ හැකියාව පවතින බවයි විද්‍යාඥවරයා අවධාරණය කරන්නේ. පෘථිවියෙන් සූර්යයාට වඩාත් ආසන්න වීම සිදුවන්නේ පෘථිවිය සූර්යයා වටා ඉලිප්සාකාර ගමනක නිරත වීම හේතුවෙන්. මෙම අවස්ථාව ” පෙරිහීලියන්” ලෙස හඳුන්වන අතර මෙම අවස්ථාව ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 9:30 ට උදා වෙනවා.

එලෙස රාත්‍රි 9:30 ට උදාවුවත් මීට පෙර සහ පසුව තවදුරටත් සූර්යයා පෘතුවියආසන්නව පවතිනවා. සාමාන්‍යයෙන් පොළොවේ සිට සූර්යාට දුර කිලෝමීටර් මිලියන 150ක් පමණ වුවද අද දිනයේ පෘථිවිය සූර්යයාට කිලෝමීටර් මිලියන 5කින් පමණ ළංව පවතිනවා.

මෙම හේතූන් මත මෙම සතිය පුරාවටම උෂ්ණත්වය වැඩි වශයෙන් පැවතිය හැකි අතර අධික උෂ්ණත්වයෙන් වැළකීම සඳහා කුඩයක් රැගෙන යන ලෙසටත්, ජලය වැඩි වශයෙන් පානය කරන ලෙස ලෙසට, හිරු එළියට වැඩි වශයෙන් නිරාවරණය නොවන ලෙසටත් විද්‍යාඥ අනුර සී පෙරේරා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් සේවයේ වෙනසක් . . .

Wed Jan 4 , 2023
  අද (4) උදෑසන පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ, අද (04) මධ්‍යම රාත්‍රී 12 සිට ගාලු පාර ඔස්සේ කතරගම සිට කොළඹ දක්වා ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවය ඉවත් කරන බවයි. “මේ අර්ධ සුඛෝපභොගී බස්රථ නැති නිසා රු 1,541 ක් වන ගමන් බලපත්‍ර ගාස්තුව මගියාගේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x