ගල් අඟුරු නෞකා 7ක් පැමිණීමට නියමිතයි . . .

ජනවාරි 6, 7, 13, 20, 23, 27, 31 යන දිනවල මෙට්‍රික් ටොන් 60000 බැගින් වූ ගල් අඟුරු නෞකා මෙරටට පැමිණීමට නියමිත බව ගල් අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර පැවසීය. මේ ගල් අඟුරු නැව් පුත්තලම වරායේ ගොඩබෑමට නියමිත අතර, අනතුරුව ඒවා නොරොච්චෝලේ විදුලි බලාගාරය වෙත ප්‍රවාහනය කෙරේ.

කවුරුන් කෙසේ කීවත් නොරොච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු හිඟයකින් තොරව සැපයිය හැකි බවත්, ඒ අනුව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට හැකි වන්නේ යැයිද ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා සඳහන් කළේය.

මේ වන විට ණයවර ලිපි නිකුත් කිරීමේ ගැටලුවක් මෙරට ඇති හෙයින් තමන් සැපයුම්කරු සමග එකඟ වී ඇත්තේ ගල් අඟුරු නැවට පටවන අවස්ථාවේදී සම්පූර්ණ මුදලින් සියයට තිහක්ද නැවෙන් ගොඩබෑමේදී ඉතිරි සියයට හැත්තෑව ගෙවන පදනමට බව සඳහන් කළ සභාපතිවරයා පැමිණෙන සියලු ගල් අඟුරු නැව් වලට සියයට තිහක මුදල ගෙවා අවසන් කර ඇති බවද වැඩිදුරටත් පැවසීය.

– රක්ෂණ ශ්‍රියන්ත

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්දියාවෙන් ගෙන්වන පළමු බිත්තර තොගය ලබන සතියේ මෙරටට . . .

Fri Jan 6 , 2023
ශ්‍රී ලංකාවේ බිත්තර මිල පාලනය කිරීම සඳහා ඉන්දියාවෙන් ගෙන්වන පළමු බිත්තර තොගයක් ලබන සතියේ අග මෙරටට ලැබීමට නියමිතය. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ පළමු අදිරය යටතේ බිත්තර මිලියන 5 ක් මෙරටට ආනයනය කරන බවයි. මෙම බිත්තරයක් රුපියල් 42/= ක් වැනි මුදලකට පාරිභෝගිකයන් අතට පත් කිරීමට සැලසුම් කර තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x