බිත්තරේ ගනන් බහී . . .

බිත්තරයක් රුපියල් 53 බැගින් කොළඹ සියලුම ආර්ථික මධ්‍යස්ථානයට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර ඇත.

සංගමයේ සභාපති සරත් රත්නායක මහතා සඳහන් කරන්නේ ඒ අනුව අද දිනයේ බිත්තර ලක්ෂ 8 ක ප්‍රමාණයක් කොළඹට සපයන බවයි.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අවශ්‍ය බිත්තර අද දිනයේ නොමිලේ ලබා දීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට රජය ගත් තීරණයත් සමග ආනයනික පළමු බිත්තර තොගය එළඹෙන සතියේ මෙරටට ලැබීමට නියමිතය.

ඊට අමතරව බිත්තර ආනයනකරුවන්ගේ ටෙන්ඩර් කැඳවීමට රජය තීරණය කර තිබේ.

මෙරට බිත්තර මිල පාලනය කිරීම සඳහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කරන ලදී.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දිනේෂ් ෂාෆ්ටර්ගේ අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක් . . .

Sat Jan 7 , 2023
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන ඇත. දිනේෂ් ෂාෆ්ටර් සියදිවි නසා ගැනීමට දින පහකට පෙර එනම් දෙසැම්බර් 10 වැනිදාත් බොරැල්ල පොදු සුසාන භූමියේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ පෙර අත්හදා බැලීමක් කර ඇති බවද මෙතෙක් කරන ලද විමර්ශනවලින් සනාථ වී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x