පොලිස් වෙඩි ප්‍රහාරයට ලක් වූ මෝටර් රථයේ නීතිවිරෝධී මත්පැන් . . .

අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලීසිය විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.

මාරවිල මරද ප්‍රදේශයේදී වළහපිටිය දෙසට ධාවනය වී ඇති අදාළ මෝටර් රථය පසුපස හඹාගිය පොලීසිය එහි පිටුපස රෝදයට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇත. ඒත් සමගම රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී නතරවී තිබූ බව පොලීසිය පැවසීය. පසුව පොලීසිය විසින් රථයේ රියදුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

රථය පරීක්ෂා කිරීමේදී එහි නීතිවිරෝධී මත්පැන් බෝතල් 125 ක් තිබූ බව පොලීසිය සඳහන් කළේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අයහපත් කාලගුණයෙන් මරණ 03 ක් . . .

Sat Oct 15 , 2022
මේ වනවිට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 03 ක් වාර්තා වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ පවුල් 13,902 ක පුද්ගලයින් 55,435 ක් පීඩාවට පත්වී ඇති බවය. මේ වනවිට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැලණි ගඟේ ජලය පිටාර ගැලීමෙන් බියගම පොලිස් වසමේ මාර්ගයන් ජලයෙන් යටවී ඇති බව පොලීසිය පවසයි. එම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x