මෛත්‍රීපාලගේ කාර්‍ය මණ්ඩල ප්‍රධානීට බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියමවේ . . .

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරය දරද්දි එවකට ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කල කුසුම්දාස මහානාම සහ එවකට රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන පුද්ගලයන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් නියම කළ සිර දඬුවම අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථිර කරන ලදී.

2018 වසරේදී කන්තලේ සීනි කම්හලේ යන්ත්‍රෝපකරණ පවරා දීමේ කටයුතු ඉටු කිරීමට ඉන්දීය ව්‍යාපාරිකයෙකුගෙන් මිලියන 54ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් මිලියන 20 ක් ලබා ගත්තේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද නඩුවක් සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අදාළ තීන්දුව නියම කරන ලදී.

ඒ අනුව කුසුම්දාස මහානාමට වසර 20 ක සිර දඬුවමක් හා රුපියල් 65,000 දඩ මුදලක්ද පියදාස දිසානායක නමැති විත්තිකරුට බරපතළ වැඩ සහිතව වසර 12 ක සිර දඬුවම් සහ රුපියල් 50,000 ක දඩ මුදලක් ද නියම වෙයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බන්දුල ගුණවර්ධනගේ පුත් A ශ්‍රේණියේ ගායකයෙක්වේ . . .

Wed Jan 11 , 2023
ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ පුත් චතුර ශාන් ගුණවර්ධන  ගායන ශිල්පියෙක් ලෙස සහතික පත්‍රයක් ලබාගෙන තිබේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායන ශිල්පියෙක් ලෙස ඔහු එම සහතික ලබාගෙන ඇත්තේ සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ අතිනි. අදාල පින්තූර ඔහු තම සමාජ ජාල ගිණුම් ඒ සඳහන් කර ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x