අධිවේගයේ බස්‍ ධාවනය නවතී . . .

සියලුම අධිවේගී මාර්ග බස් රථ ලබන ඉරිදා (20) සිට ධාවනයෙන් ඉවත් වන බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ පවසයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් අධිවේගී මාර්ග බස් රථ වලින් අසාධාරණ ලෙස ටෙන්ඩර් ගාස්තු අය කරන බවත් එයට එරෙහිව මෙම විරෝධතාවය ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය.

අධිවේගී මාර්ග වල ධාවනය කරන සියලුම බස් රථ සංගම් සමඟ මෙම විරෝධතාවය ක්‍රියාත්මක කරන බවත් ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව පැවසීය. අධිවේගී මාර්ග බස් රථ වලින් අසාධාරණ ලෙස මාසිකව රුපියල් ලක්ෂ දෙකකට අධික ටෙන්ඩර ගාස්තු අය කරන බවත් මේ හේතුවෙන් තවදුරටත් බස් රථ ධාවනය කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

එම ටෙන්ඩර් ගාස්තු අය නොකර අධිවේගී මාර්ග ගාස්තුවලින් මගියෙකුගෙන් රුපියල් දෙසියක පමණ මුදලක් අඩුකර එම සහනය ඔවුන්ට ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව ඔහු වැඩිඩුරටත් සඳහන් කළේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රටට අහිමි වූ බියගම යූරියා කම්හල . . .

Tue Nov 15 , 2022
රාජ්‍ය ව්‍යවසායන් අකාර්යක්ෂම සහ පාඩු ලබන ආයතන බවට ව්‍යාජ ප්‍රචාරයන් ගෙන යමින් විකුණා දැමීමේ ආරම්භය ජේආර් ජයවර්ධන සහ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව 1980 මුල සිට ක්‍රියාත්මක කර ඇත. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත්ව තිබූ යූරියා නිෂ්පාදන කර්මාන්ත ශාලාව විනාශවීමට ඉඩ හැර විදේශ රටකට විකුණා දැමූ අකාරය අද (14) දිවයින පුවත්පතේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x