අන්තරේ විරෝධයට කඳුළු ගෑස්, ජල ප්‍රහාර . . .

කොල්ලුපිටිය ප්‍රදේශයේදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලීසිය කටයුතු කර තිබේ. තුම්මුල්ලේ පිහිටි, එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිටට අද (16) දහවල් පැමිණි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සාමාජිකයින් එහි සිට විරෝධතා පාගමනක් ආරම්භ කළේය.

ඒ ත්‍රස්ත පනත අහෝසි කිරීම, බදු බර, බඩුමිල පහත හෙළීම, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි. විරෝධතාකරුවන්ගේ පා ගමන හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් ද අවහිර විය. තුන්මුල්ල හංදිය දෙසින් බෞද්ධාලෝක මාවතට ප්‍රවේශවන මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිව තිබුණි.

කෙසේවෙතත් ගාලුමුවදොර පැවැත්වීමට නියමිත විරෝධතාවක් වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කළේය. ඒ ලිප්ටන් වටරවුමේ සිට යුනියන් පෙදෙස හරහා ගාලුමුවදොර දෙසට ඇතුළුවීම වළක්වාලමිනි.

කෙසේවෙතත් ගාලුමුවදොරට ඇතුළුවීමකින් තොරව උද්ඝෝෂකයින්ට විරෝධය සිදුකිරීමට බාධාවක් නොවන බව අදාළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

තීන්දුවට හිස නමනවා, වන්දිය ගෙවන්න මුදල් නැහැ . . .

Mon Jan 16 , 2023
පාස්කු සිද්ධිය සම්බන්ධයෙන්  රුපියල් කොටි 10 ක් ගෙවන්න කිව්වට මට ඒ මුදල ගෙවන්න වත්කමක් නෑහැ. එම තීන්දුව ට හිස නමන අතර වන්දිය ගෙවීමට මුදල් හොයන්න  පිටකොටුවෙ බෝගහ ළග ටින් එකක් හොල්ල හොල්ල ඉන්නදැයි  මිතුරන්ගෙන් විමසූ බව ද වන්දිය ගෙවන්න මුදල් නොමැති බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (15) නිට්ටඹුව මහජන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x