කුරුඳු වත්තේ පදිංචි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්ගේ පුත්‍රයන් කිහිපදෙනෙකු ප‍්‍රභූ පුද්ගලයන් ලෙස හැඟවෙන ස්ටිකර් වාහන වල ඉදිරිපස අලවාගෙන ආලෝක දල්වාගෙන කොළඹ මාර්ගවල ගමන් කරමින් සිටි දී බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස බොරැල්ල කුරුඳුවත්ත ඒ අවට ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයන් ගේ පුතුන් බව ද පවසන පොලිසිය ඔවුන් වයස අවුරුදු 20 […]

මෙරට කාන්තාවක විසින් නීති විරෝධී ලෙස ගෙන එන ලද කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ සහ රන් භාණ්ඩ තොගයක් ඇතුළු ද්‍රාවණයක් ලෙස සකස් කළ රත්‍රන් කුඩු තොගයක් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් හට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව අදාළ අත්අඩංගුවට […]

පාස්කු සිද්ධිය සම්බන්ධයෙන්  රුපියල් කොටි 10 ක් ගෙවන්න කිව්වට මට ඒ මුදල ගෙවන්න වත්කමක් නෑහැ. එම තීන්දුව ට හිස නමන අතර වන්දිය ගෙවීමට මුදල් හොයන්න  පිටකොටුවෙ බෝගහ ළග ටින් එකක් හොල්ල හොල්ල ඉන්නදැයි  මිතුරන්ගෙන් විමසූ බව ද වන්දිය ගෙවන්න මුදල් නොමැති බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (15) නිට්ටඹුව මහජන […]

කොල්ලුපිටිය ප්‍රදේශයේදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලීසිය කටයුතු කර තිබේ. තුම්මුල්ලේ පිහිටි, එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිටට අද (16) දහවල් පැමිණි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සාමාජිකයින් එහි සිට විරෝධතා පාගමනක් ආරම්භ කළේය. ඒ ත්‍රස්ත පනත අහෝසි කිරීම, බදු බර, බඩුමිල පහත හෙළීම, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල […]

ඊයේ (15) නේපාලයේ දී අනතුරට ලක් වූ “යෙටී” ගුවන් සේවයට අයත් යානයේ අවසන් තත්ත්පර කිහිපයේ සටහන් රූගත කෙරුණු ජංගම දුරකථනයක් සුන්බුන් අතර තිබී හමුව ඇති බව NDTV ඉන්දීය වෙබ් අඩවිය වාර්තා කර තිබුණා. එක් මඟියකු මෙම අවසන් තත්ත්පර කිහිපය සජීවීව ෆේස්බුක් සමාජ ජාලයට මුදා හැර තිබුණා. ඔහු එය රූගත කිරීම ආරම්භ […]

ශ්‍රී ලංකාවට විවේකය ගත කිරීමට පැමිණ සිටින බෙන්තොට එස් ඕ එස් ආසි සංවිධානයේ ප්‍රංශ ජාතික විදෙස් සංචාරක මහත්ම මහත්මීන්ගේ මූල්‍ය දායකත්වයෙන් සහභාගිත්වයෙන් අවට ප්‍රදේශ තුළ පවතින ආර්ථික දුෂ්කරතා හඳුනාගෙන (14) දින රාත්‍රියේ මහා බත් දන්සැලක් බෙන්තොට පැරණි ගාලු පාරේ එම සංවිධාන ශාලා පරිශ්‍රයේදී අති විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ . වසරකට […]

තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ වතුයායේ මිඩ්ලන්ඩ් කොටසේ වතු නිවාස පේලියක (15) දින රාත්‍රියේ හටගත් ගින්නකින් එම වතු නිවාස 10 සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය. (15) දින රාත්‍රි 8.30 ට පමණ එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගිය බවත්, ගින්නෙන් වතු නිවාස 10 ක […]

යාපනය , කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, මඩකලපුව, මීගමුව සහ ජා-ඇල ප්‍රදේශයන්හි පදංචි පුද්ගලයින් 46 දෙනෙකු නීති විරෝධීව ප්‍රංශයට ඇතුල්වීමට යාමේදී එරම ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ගුවන් මගින් මෙරටට පිටුවහල් කිරීමට පියවර ගෙන ඇත. ප්‍රංශයට අයත් රී යුනියන් දූපත ප්‍රදේශයේදී  IMUL – A- 0559 CHW දරණ බහුදින ධීවර යාත්‍රාව මඟින් නීති […]

කොවිඩ් නව රැල්ලෙන් බේරීම සඳහා නැවතත් සියලුදෙනා මුව ආවරණ පැළඳීම ඇතුලු නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් රෝගය පිළිබඳ ප්‍රධාන සම්බන්ධිකාරක වෛද්‍ය අන්වර් හම්දානි පැවැසීය. මේ වනවිට චීනය ඇතුළු රටවල් කීපයකම කොවිඩ් ශීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන බවද ඔහු කීය. මෙහිදී තවදුරටත් කතා කළ වෛද්‍ය අන්වර් හම්දානි මෙසේද කියා […]

තමන් ක්‍රීඩාවන් කිහිපයක් සඳහා ඕල් රවුන්ඩර් කෙනෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි. ක්‍රිකට්, පාපන්දු, ඇමරිකන් පුට්බෝල්, බාස්කට් බෝල් ආදී ක්‍රීඩා තමන්ට ක්‍රීඩා කළ හැකි බවද හෙතෙම කියා සිටියි. තමන් යම් අධ්‍යාපනයක් ලබා ඇති බවද පැවසූ ඔහු ලෝකේ ඕනෑම නායකයෙක් සමඟ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කර ඔහුගේ හිත නම්මාගෙන අපේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.