නේපාල ගුවන් අනතුරේ සජීවී වීඩියෝවක් . . .

ඊයේ (15) නේපාලයේ දී අනතුරට ලක් වූ “යෙටී” ගුවන් සේවයට අයත් යානයේ අවසන් තත්ත්පර කිහිපයේ සටහන් රූගත කෙරුණු ජංගම දුරකථනයක් සුන්බුන් අතර තිබී හමුව ඇති බව NDTV ඉන්දීය වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.

එක් මඟියකු මෙම අවසන් තත්ත්පර කිහිපය සජීවීව ෆේස්බුක් සමාජ ජාලයට මුදා හැර තිබුණා. ඔහු එය රූගත කිරීම ආරම්භ කරන අවස්ථාවේ යානය පොක්රා ගුවන් තොටුපළට බැස්සවීමට සූදානම් වන ආකාරය දකින්න ලැබෙනවා.

නමුත් නිමේෂයකින් ගුවන් යානය කරකැවෙන්නට ගන්නා අතර, මහ හඬක් නංවමින් ගිනි ජාලාවක් බවට පත්වන අයුරු ද මෙම හානියට පත් නො වූ ජංගම දුරකථනයේ සටහන් වී තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථාවේ එහි මඟීන් 72ක් ගමන් කර ඇති අතර මේ වන විට ඔවුන්ගෙන් 68 දෙනකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

තවත් සිවු දෙනකුගේ සිරුරු හමුව නොමැති බවයි වාර්තා වන්නේ.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අන්තරේ විරෝධයට කඳුළු ගෑස්, ජල ප්‍රහාර . . .

Mon Jan 16 , 2023
කොල්ලුපිටිය ප්‍රදේශයේදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලීසිය කටයුතු කර තිබේ. තුම්මුල්ලේ පිහිටි, එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිටට අද (16) දහවල් පැමිණි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සාමාජිකයින් එහි සිට විරෝධතා පාගමනක් ආරම්භ කළේය. ඒ ත්‍රස්ත පනත අහෝසි කිරීම, බදු බර, බඩුමිල පහත හෙළීම, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x