බස් රියදුරුට පහර දෙයි, කාන්තාවක් ජීවිතක්ෂයට . . .

පසුගියදා වැලිගම ප්‍රදේශයේ දී මගීන් පිරිසක් බස් රියදුරෙකුට පහරදීමට උත්සාහ කිරීමේදී සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් වාර්තා වුණා .

පසුගිය 16 වැනිදා මාතර සිට කොළඹ බලා පැමිණෙමින් සිටි එම බස් රථයට රාත්‍රී 9ට පමණ වැලිගම ප්‍රදේශයෙන් තරුණයන් දෙදෙනෙක් ගොඩවී තිබේ. රෙස්ට් හවුස් හංදියෙන් බස් රථය නවත්වන ලෙස මෙම තරුණයන් දෙදෙනා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමත් සමග දෙපාර්ශ්වය අතර බහින් බස්වීමක් සිදුව තිබුණි.

අදාළ ස්ථානයෙන් රියදුරු බස් රථය නොනවත්වා ධාවනය කෙරුණත් තරුණයන් දෙදෙනා ධාවනය වෙමින් තිබූ බස් රථයෙන් බිමට පනී. පසුව එම තරුණයන් දෙදෙනා නැවතත් පසුපස දොරින් බස් රථයට ගොඩවී රියදුරු ආසනය වෙත පැමිණ රියදුරුට පහරදෙන ආකාරය බස් රථය තුළ සවිකර තිබූ CCTV කැමරාවේ සටහන්ව තිබුණි.

එහිදී රියදුරුට බස් රථය පාලනය කිරීම අපහසු වන අතර රියදුරුගේ පාලනයෙන් ගිලිහී යන බස්රථය බස් නැවතුම්පොළක සිටි කාන්තාවක් සහ දරුවෙකුගේ ගැටී තිබේ.

අනතුරින් අදාළ කාන්තාව එම ස්ථානයේදී ම මියගොස් ඇති අතර දරුවා මතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. සිද්ධියට සම්බන්ධ වූ රියදුරු හා අනෙක් තරුණයන් දෙදෙනා වැලිගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

(වීඩියෝ – අද දෙරණ)

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මැතිවරණ අපේක්‍ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකිරීමේ සූදානමක් . . .

Thu Jan 19 , 2023
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ, පළාත් පාලන මැතිවරණය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකිරීම සඳහා ඉල්ලීම් ලැබී තිබුණ ද ඊට අනුමැතිය ලබාදීමට නොහැකි බවයි. එහි සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ ප්‍රායෝගිකව එම කෝටාව වැඩි කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් කළා. මැතිවරණ කොමිෂන් සභාව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x