නොදන්වා විදේශගත වූ විශේෂඥ වෛද්‍යවරුන්ට වැඩ වරදී . . .

පසුගිය වසර දෙක තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයට නොදන්වා විශේෂඥ වෛද්‍යවරුන් 150ත් 200ත් අතර සංඛ්‍යාවක් සේවය අතහැර විදේශගත වී තිබෙනවා.

ඒ හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට බරපතළ තර්ජනයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ යටතේ වෛද්‍යවරයෙකු බිහි කිරීම සඳහා රජය වසරකට විශාල මුදලක් වැය කරන බවයි.

ඒ අනුව ඔවුන් වෙනුවෙන් අනිවාර්ය විදේශ පුහුණුව සඳහා වසරකට වෛද්‍යවරුන් සැළකිය යුතු සංඛ්‍යාවක්, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවලට පිටත් කර හරින අතර, ගුවන් ටිකට් පතේ සිට දීමනා රැසක්ද ඔවුන්ට ලබාදීමට කටයුතු කරනවා. එහිදී ජීවන වියදම් දීමනාව ලෙස මසකට ස්ටර්ලින් පවුම් 3,000 කට ආසන්න ප්‍රමාණයක් පිරිනමන අතර, වසර දෙකක කාලයක් සඳහා පූර්ණ වැටුප සහිත නිවාඩුද එලෙස විදේශ පුහුණුව සඳහා යනු ලබන වෛද්‍යවරයෙකුට හිමි වෙනවා.

එමෙන්ම එලෙස විදේශ ගතවීමට පෙර ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ගිවිසුමකට එළඹෙන අතර, එහි කොන්දේසියක් වන්නේ විශේෂඥ පුහුණුවෙන් පසු වසර අටක කාලයක් අනිවාර්යෙන් සේවය කළ යුතු බවයි.

මෙහිදී වෛද්‍යවරයෙකුගේ පත්වීම් ලිපියේද සඳහන් වන්නේ ඔවුන් 1961 අනිවාර්ය සේවා පනතට යටත් බවයි. කෙසේ වෙත්ත එවැනි තත්වයක් යටතේ නිවාඩු ලබා නොගෙන, නොදන්වා මෙලෙස විදේශගතවීම වෛද්‍ය ආචාර්ය ධර්ම වලට මෙන්ම වෘතියටද අගෞරවයක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එමෙන්ම වෛද්‍ය ආචාර්ය ධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව කටයුතු කරන මෙවැනි වෛද්‍යවරුන් අසාදු ලේඛනගත කිරීමටත්, ඔවුන්ට හිමි වරප්‍රසාද ලබා නො දීමටත් කටයුතු කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දෙමළ සිරකරුවන් 5ක් නිදහස් . . .

Thu Dec 22 , 2022
ජාතික සංහිඳියාව තුළින් ජනවාර්ගික ගැටලුවට විසඳුම් සෙවීම සඳහා පොදු එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 14 වැනිදා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබුණු අතර එහි වැඩකටයුතු ඉදිරියට ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සහ දෙමළ පක්ෂ නියෝජිතයින් අතර තවත් සාකච්ඡාවක් ඊයේ රාත්‍රීයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x