දෙමළ සිරකරුවන් 5ක් නිදහස් . . .

ජාතික සංහිඳියාව තුළින් ජනවාර්ගික ගැටලුවට විසඳුම් සෙවීම සඳහා පොදු එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 14 වැනිදා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබුණු අතර එහි වැඩකටයුතු ඉදිරියට ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සහ දෙමළ පක්ෂ නියෝජිතයින් අතර තවත් සාකච්ඡාවක් ඊයේ රාත්‍රීයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.

එම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්,

“ජනාධිපතිතුමත් එක්ක, අගමැතිතුමා, අධිකරණ ඇමතිවරයා, විදේශ ඇමතිවරයා, සහ නීතිපතිවරයා හිටියා. මමත් සම්බන්ධන් මහතාත් සාකච්ඡාවට එකතු වුණා. ඩග්ලස් දේවානන්දත් එකතු වුණා. දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එතනින් අඳුරගත්තා 5 දෙනෙක් වගේ දැනටම නිදහස් කරන්න පුළුවන්. අනෙක් අය ගැන නීතිපතිවරයා උපදෙස් දෙනවා කියලා කිව්වා කොහොමද ඒක කරන්න පුළුවන් කියලා. ඉඩම් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් හමුදාවත් එක්ක සාකච්ඡා කරලා තියෙනවාලු ජනවාරි මාසයේ 3 වනදා ජාතික ආරක්ෂක කවුන්සිලයේ  නිර්දේශය දෙනවා කිව්වා. ඉන් පසුව අනෙක් ඉඩම් ගැනත් අපි සාකච්ඡා කරන්නට ඕනේ කියලා තීරණය කළා. නැවත ජනවාරි මාසයේ 05 වනදා අපි හමුවෙලා  ඉදිරි වැඩකටයුතු ගැන සාකච්ඡා කරනවා.” 

ප්‍රශ්නය – සාර්ථක සාකච්ඡාවක්ද ?

“සාකච්ඡාවනම් සාර්ථකයි හැබැයි ඒකෙන් තවම මොනවත් වෙලා නැහැ. ඒවා ඉටුකරන වෙලාවේදී තමයි ඒක සාර්ථකද නැද්ද කියලා බලන්න වෙන්නේ. හැබැයි සාකච්ඡාවේදී ගැටලු කිසිවක් තිබුණේ නැහැ.”

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නත්තල් සැණකෙළි එපා . . .

Thu Dec 22 , 2022
‘මේ රටේ මිලියන 6.1 ක් බඩගින්නේ කියලා මාධ්‍ය වාර්තා කරනවා. මේ තරම් රට විනාශ වෙලා තියෙද්දී අපිට සතුටින් මෙවර නත්තල් සමරන්න බෑ. රටට මෙහෙම වෙලා තියෙන්නේ පාලකයන්ගේ දුර්දාන්ත වැඩ නිසා. ලෝකෙ වටේ ගිහින් කන්න බොන්න ඉල්ලගෙන හිඟාකනවා. හිගන්නෝ වගේ කන්න බොන්න ඉල්ලන්න අපි ලැජ්ජ වෙන්න ඕන. මොකද මෙච්චර ලස්සන රටක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x