එළවළු පැලවලින් සමන්විත අපූරු නත්තල් ගසක් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල නිර්මාණය කර ඇත අඩි 30ක් පමණ උස මෙම නත්තල් ගස එළවළු පැල සහිත පෝච්චි 2000කින් සමන්විතය. කන්තුන්, රතුතම්පලා. නිවිති, බටු, ගෝවා, බණ්ඩක්කා, මිරිස් ආදි පැල වර්ග රැසකින් එම නත්තල් ගස සමන්විතය.  

‘මේ රටේ මිලියන 6.1 ක් බඩගින්නේ කියලා මාධ්‍ය වාර්තා කරනවා. මේ තරම් රට විනාශ වෙලා තියෙද්දී අපිට සතුටින් මෙවර නත්තල් සමරන්න බෑ. රටට මෙහෙම වෙලා තියෙන්නේ පාලකයන්ගේ දුර්දාන්ත වැඩ නිසා. ලෝකෙ වටේ ගිහින් කන්න බොන්න ඉල්ලගෙන හිඟාකනවා. හිගන්නෝ වගේ කන්න බොන්න ඉල්ලන්න අපි ලැජ්ජ වෙන්න ඕන. මොකද මෙච්චර ලස්සන රටක් […]

ජාතික සංහිඳියාව තුළින් ජනවාර්ගික ගැටලුවට විසඳුම් සෙවීම සඳහා පොදු එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 14 වැනිදා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබුණු අතර එහි වැඩකටයුතු ඉදිරියට ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සහ දෙමළ පක්ෂ නියෝජිතයින් අතර තවත් සාකච්ඡාවක් ඊයේ රාත්‍රීයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී […]

පසුගිය වසර දෙක තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයට නොදන්වා විශේෂඥ වෛද්‍යවරුන් 150ත් 200ත් අතර සංඛ්‍යාවක් සේවය අතහැර විදේශගත වී තිබෙනවා. ඒ හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට බරපතළ තර්ජනයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ යටතේ වෛද්‍යවරයෙකු බිහි කිරීම සඳහා රජය වසරකට විශාල මුදලක් වැය කරන […]

රජයට අයත් වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති ණයවලට අදාළ පොලී අනුපාතයන් ඉහළ දමා ඇත. ඒ සම්බන්ධයෙන් දැනුවත් කරමින් පාරිභෝගිකයන් කෙටි පණිවුඩ මගින් දැනුවත් කිරීමටද කටයුතු කර ඇත. ණය පොලී අනුපාත 15% ක් දක්වා ඉහළ දමා ඇති බව ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් දන්වා ඇති අතර දෙසැම්බර් මස 20 වැනිදා එම […]

හෝමාගම පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තිබී හිස් මත්පැන් බෝතල් හා බියර් ටින් දහසක පමණ ප‍්‍රමාණයක් හමු වී ඇත. දැනට තාවකාලිකව වසා දමා ඇති එම විශ්වවිද්‍යාලයේ උප කුලපති හිමි ඇතුළු බලධාරීන් විසින් සිදු කරන ලද පරීක්‍ෂාවකදී මෙම බෝතල් තොගය සොයාගෙන තිබේ. මෙම බෝතල් තොගය සගවා තිබී ඇත්තේ කසළ බැහැර කිරීම සඳහා […]

මෙරට ඇති වී තිබෙන බිත්තර හිගය සැලකිල්ලට ගනිමින් බිත්තර ආනයනය කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි. ඒ අනුව බිත්තර ගෙන්වීමේ කටයුතු අමාත්‍යවරයකුගේ ඥාති සහෝදරයකු ට ලබා දීමට කටයුතු සැලසුම් කර ඇතැයි ද සංගමය සභාපති නිරුක්‍ෂ කුමාර සඳහන් කරයි. මව් සතුන්ගේ මිල ඉහළ යාම හා […]

  මුද්‍රිත විදුලි බිල්පත වෙනුවට ජංගම දුරකථන කෙටි පණිවිඩයක් මගින් ජනවාරි මාසයේ සිටි විදුලි බිල දැනුම් දීමට තීරණය කර ඇත. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ මේ වන විට ඒ සදහා විදුලිබල මණ්ඩලයේ පරිගණක පද්ධතිය යාවත්කාලීන කරමින් සිටින බවයි. නාගරික ප්‍රදේශ මූලික කරගනිමින් මෙම ක‍්‍රියාවලිය ආරම්භ කරන බවත් […]

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අනුරුද්ධ විතානගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කර ඇත. පේරාදෙණිය ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් පොලීසියට මෙම නියෝගය නිකුත් කර ඇත. මේ අතර එම විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිවරයාට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගන්නා ලද සිසුන් 12 දෙනාගෙන් 06 දෙනෙකු හඳුනාගැනීමේ පෙරට්ටුවකදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් විසින් හදුනාගනු ලැබීය. සිසුන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.