විමල් වීරවංශ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු . . .

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ, අල් හුසේන් කුමාරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනයාට පීඩාවක් වන ආකාරයට උද්ඝෝෂණයක නිරත වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 7 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කරන ලද පැමිණිල්ලක් අද (මාර්තු 13) දින කැඳවනු ලැබූඅවස්ථාවේදී ය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් වරෙන්තුවක් නිකුත් කරමින් නියෝග කර ඇත්තේ, විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ය.

අනතුරුව අදාළ නඩුව ජූනි මස 19 දින යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලංකවේ ලාදුරු රෝගය ඉහළ යන ලකුණු . . .

Mon Mar 13 , 2023
ලාදුරු රෝගීන් හඳුනා ගැනීම සඳහා නිවාස මට්ටමින් පුද්ගලයින් පරීක්ෂා කිරීම ආරම්භ කළ බව, ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කරනවා. එහි පළමු අදියර කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක බවයි එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර කියා සිටියේ. ඒ අනුව දිනක් තුළ කළ පරීක්ෂා කිරීම්වලදී පමණක් ලාදුරු රෝගීන් දෙදෙනෙකු සොයා ගත් බවයි වාර්තා වන්නේ. පසුගිය වසරේ මෙරටින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x