ඩ්‍රෝනයක් යැවූ සිසුවෙක් අත්අඩංගුවට . . .

බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ ඩ්‍රෝන යානාවක් අනවසරයෙන් ගුවන් ගත කළ සරසවි සිසුවෙකු ගුවන් හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නොරොච්චෝලේ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටින (22) හැවිරිදි තරුණයෙකි.

මෙම තරුණයා ඊයේ (05) රාත්‍රියේ දුම්රිය පොළ ආසන්නයේ ඩ්‍රෝන යානාවක් ගුවන් ගත කරමින් සිටියදී. බම්බලපිටිය ඕෂන් ටවර් ගොඩනැගිල්ලේ පිහිටි ගුවන් හමුදා මුරපොළේ කණ්ඩායමක් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර සරසවි සිසුවාගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ බම්බලපිටියේ අවන්හලකට වසරක් පිරීම නිමිත්තෙන්, එය සැමරීම සඳහා මෙලෙස ඩ්‍රෝන යානා ව ගුවන් ගත කළ බවයි.

සරසවි සිසුවා සහ ඔහු භාරයේ තිබූ ඩ්‍රෝන යානාව බම්බලපිටිය පොලිසියට බාර දී ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නීතිවිරෝධී බහාලුමක් රේගු භාරයට . . .

Tue Jun 6 , 2023
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ භාණ්ඩ සහිත බහාලුමක් රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ. ඒ, තුළ රුපියල් මිලියන 300ක් පමණ වටිනා භාණ්ඩ තොගයක් ඇතුළත් වෙයි. රේගු නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ රුපියල් මිලියන 200ක රූපලාවන්‍ය නිෂ්පාදන, වාහන තුනක් එකලස් කිරීම සඳහා අවශ්‍ය කොටස්, මත්පැන් සහ දුම්වැටි තොගයක් අදාළ බහලුම තුළ තිබී සොයාගෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x