ඓතිහාසික ඇහැලේපොල වලව්ව  මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව  අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේය. මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්ව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමයේදී ඇහැලේපොල මහ අධිකාරම් සහ ඔහුගේ පවුලේ […]

මේ දිනවල සමාජ මාධ්‍යය තුළ කුඩා දරුවෙකු පන්දුයවන ආකාරය දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් දැඩි කතාබහට ලක්වී තිබුණා. ඒ, ලොව බිහිවූ විශිෂ්ටතම පන්දු යවන්නෙක් වන ‘ලසිත් මාලිංග’ පසුගියදා සිය ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් පළකර එම දරුවා සොයාදෙන ලෙස සිදු කර තිබූ ඉල්ලීමත් සමඟයි. දිනෙත් අනුහස් නම් මෙම පුංචි පුතා පදිංචි වී සිටින්නේ, වීරවිල […]

මන්ත්‍රීවරුන් හෝ අමාත්‍යවරුන් නොවන අයගේ ආරක්ෂාව සඳහා ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 5,400ක් අනුයුක්ත කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය. ඔහු ඒ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ඒ සම්බන්ධයෙන් තමා වාර්තාවක් කැඳවා ඇති බව පැවසූ අමාත්‍යවරයා එහි සඳහන් කරුණු අනුව අවශ්‍ය වෙනස්කම් සිදුකරන බව […]

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට  50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි  වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. මත්තල ගුවන් තොටුපොළට වැඩි ගුවන් යානා ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට වැඩපිළිවෙළක් අරඹා ඇති බවත් ඒ අනුව පළමු අවුරුදු හතරේදී ගුවන් සමාගම්වලට […]

පාසැල් දරුවන් වෙනුවෙන් විද්‍යුත් තැපෑල (E-mail) ගිණුම් සැකසීමේදී දෙමවුපියන්‌ගේ දත්ත ඇතුළත් නොකරන ලෙසත් දරුවන්ගේ නිවැරදි වයස ඇතුළු දත්ත ඇතුළත් කරන ලෙසත් පොලිස් අපරාධ අංශයේ උසස් නිලධාරීන් ප්‍රතිසංධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවසීය. මවුපියන්ගේ දත්ත ඇතුළත් කිරීම නිසා දරුවන්ට ඕනෑම වෙබ් අඩවියකට පිවිසීමේ අවස්ථාව ලැබෙන බව ඔවුන් […]

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ භාණ්ඩ සහිත බහාලුමක් රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ. ඒ, තුළ රුපියල් මිලියන 300ක් පමණ වටිනා භාණ්ඩ තොගයක් ඇතුළත් වෙයි. රේගු නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ රුපියල් මිලියන 200ක රූපලාවන්‍ය නිෂ්පාදන, වාහන තුනක් එකලස් කිරීම සඳහා අවශ්‍ය කොටස්, මත්පැන් සහ දුම්වැටි තොගයක් අදාළ බහලුම තුළ තිබී සොයාගෙන […]

බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ ඩ්‍රෝන යානාවක් අනවසරයෙන් ගුවන් ගත කළ සරසවි සිසුවෙකු ගුවන් හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නොරොච්චෝලේ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටින (22) හැවිරිදි තරුණයෙකි. මෙම තරුණයා ඊයේ (05) රාත්‍රියේ දුම්රිය පොළ ආසන්නයේ ඩ්‍රෝන යානාවක් ගුවන් ගත කරමින් සිටියදී. බම්බලපිටිය ඕෂන් ටවර් ගොඩනැගිල්ලේ පිහිටි ගුවන් හමුදා මුරපොළේ කණ්ඩායමක් විසින් මොහු අත්අඩංගුවට ගෙන […]

මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගෙන් රුපියල් කෝටියක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා තර්ජනය කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මූලස්ථාන පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි. පහුගිය පලවෙනිදා වට්ස්ඇප් ඔස්සේ ඇමතුමක් ලබා ගත් පුද්ගලයකු විහාරාධිපති හිමියන්ගේ වීඩියෝ පටයක් හා හඬපටයක් තමා සතුව ඇති බවත් එය මුහුණු පොත මගින් ප්‍රසිද්ධ කිරීමෙන් […]

දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ට විදෙස් ගත වීම තහනම් කරමින් කිලිනොච්චිය අධිකරණය නියෝගයක් නිකුත් කළේය.  යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදී පැවති ජනහමුවක් අතරතුරදී  පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු සමග ඇති වූ බහින්බස්වීමක් සහ අසල පිහිටි විභාග මධ්‍යස්ථානයක  පොලිස් නිලධාරියකු සමගද උණුසුම් වචන හුවමාරුවක් සිදුකරගැනීම සමබන්ධයෙන් […]

දැනට ක්‍රියාත්මක වන සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය 2024 ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව, එකතු කළ අගය මත බදු පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.