ඇහැලේපොළ වලව්ව දළදා මාලිගාවට . . .

ඓතිහාසික ඇහැලේපොල වලව්ව  මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව  අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේය.

මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්ව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමයේදී ඇහැලේපොල මහ අධිකාරම් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ජීවත්වූ නිවසයි.

එය ඇහැලේපොළ වලව්ව, රිමාන්ඩ් බන්ධනාගාරය හා බන්ධනාගාර නිල නිවාසය ලෙස ගොඩනැගිලි තුනකින් සමන්විත වේ.

මෙම ඓතිහාසික ඇහැලේපොළ වලව්ව තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙසින් පවත්වාගෙන යෑම අපරාධයක් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග කීය.

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ දී (ක්‍රි.ව.1844) මෙය හමුදා බැරැක්කයක් ලෙස භාවිතයට යොදාගෙන තිබු අතර පසුකාලීනව සිර මැදිරියක් හා බෝගම්බර රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙස මෙම වලව්ව පවත්වාගෙන යනු ලැබිණි.

‍‍ඓතිහාසික ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාළිගාව ආශ්‍රීත පූජාභූමි ප්‍රදේශයේ  පිහිටා ඇති අතර 2005 වසරේදී පුරා විද්‍යා ගොඩනැඟිල්ලක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ ඇහැලේපොළ වලව්ව නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරනු ලැබුණි.

  • අංජුල මහික වීරරත්න


Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අන්තරේ පාගමනට ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් . . .

Wed Jun 7 , 2023
ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින්  සංවිධානය කළ විරෝධතා පා ගමනයට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසලදී පොලිසිය ජල හා කදුළු  ගෑස් ප්‍රහාර එල්ල කළේය. විරෝධතා පා ගමන ජයවර්ධනපුර සරසවිය  ඉදිරිපිටින්  විජේරාම  මංසද්ධිය දෙසට ගමන් ගත් අවස්ථාවේ රබර්වත්ත හංදියේ දී පොලිසිය එම ගමන වලක්වමින් මෙම ප්‍රහාරය එල්ල කළේය. මුදිතා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x