ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු 50% පහළට . . .

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට  50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි  වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

මත්තල ගුවන් තොටුපොළට වැඩි ගුවන් යානා ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට වැඩපිළිවෙළක් අරඹා ඇති බවත් ඒ අනුව පළමු අවුරුදු හතරේදී ගුවන් සමාගම්වලට සහන රැසක් ලබා දෙන බවත් අමාත්‍යවරයා පැවසුවේය.

පළමු අවුරුද්දේදී ගාස්තුවලින්  සියට සීයක් අතහරින්නත් දෙවෙනි අවුරුද්දේදී 50% ක් අතහරින්නත් සැලසුම් කර ඇති බව හෙතෙම සඳහන් කළේය. මීට අදාළ නියෝග මැතිසබයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා කීවේය.

නිමල් සිරිපාල ද සිල්වා මෙසේ පැවසුවේ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රභූ ආරක්ෂකයින් 5400ක් ඉන්න තැන් සොයයි . . .

Tue Jun 6 , 2023
මන්ත්‍රීවරුන් හෝ අමාත්‍යවරුන් නොවන අයගේ ආරක්ෂාව සඳහා ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 5,400ක් අනුයුක්ත කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය. ඔහු ඒ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ඒ සම්බන්ධයෙන් තමා වාර්තාවක් කැඳවා ඇති බව පැවසූ අමාත්‍යවරයා එහි සඳහන් කරුණු අනුව අවශ්‍ය වෙනස්කම් සිදුකරන බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x