හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්ව සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළාය. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වන ආකාරයේ රෝගී තත්ත්ව ඇතිවීම සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පවත්වන්නැයි […]

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඊයේ (06) පත් වී තිබේ. ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 136 වැනි සභාපතිවරයායි. එහි දී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ, රට තුළ ඖෂධ හිඟය කෙමෙන් අඩු වෙමින් පවතින බවයි. ඖෂධ හිඟය තවදුරටත් අඩු කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබා දෙමින් සෞඛ්‍ය […]

නැගෙනහිර පළාත් සභාව මගින් පාලනය වන ප්‍රධාන රෝහල් රැසක විශේෂඥ වෛද්‍යවරුන්ගේ බරපතළ හිඟයක් ඇති බවත් මේ හේතුවෙන් එම රෝහල් කාර්ය මණ්ඩල සහ පළාතේ ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බවත් වාර්තා වේ. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.බී.එම් කොස්තා සඳහන් කරන්නේ දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලේ දැනට මාස 10කට වැඩි කාලයක් තිස්සේ විශේෂඥ […]

පුහුණුව සඳහා බඳවා ගන්නා විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය වැඩිකිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බව වැඩබලන නියොජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය පවසයි. ඔහු පැවසුවේ විදේශ පුහුණුව සඳහා ගොස් ඇති වෛද්‍යවරුන්ගේ පැමිණීමත් සමඟ විශේෂඥ වෛද්‍ය ගැටලුවට පිළියම් ලැබෙන බවය. “විශේෂඥ වෛද්‍යවරු පුහුණුකිරීමට බඳවා ගන්නා ප්‍රමාණය […]

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඊට අදාල සෞඛ්‍ය අමාත්‍යංශයේ තීරණය අද (28) මෝසමක් මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබුවා. එහිදී පෙත්සම්කාර වෛද්‍යවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සඳහන් කළේ මෙම දැනුම්දීම සම්බන්ධයෙන් තම සේවාදායකයින් සෑහීමට පත්වන බවයි. […]

රජයේ රෝහල්වල සිටි 2,000ක් පමණ වන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මේ වසර අවසානය වන විට ඉතිරි වන්නේ 1,700කට ආසන්න පිරිසක් පමණකැයි සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වාර්ෂික ස්ථාන මාරු සඳහා 2022 ජූනි 6 වන දා ඉන්ටර්නෙට් වෙත මුදාහරින ලද සංඛ්‍යා ලේඛන අනුව රජයේ සේවයේ විශේෂඥ වෛද්‍යවරුන් 2250ක් සිටි […]

වෛද්‍යවරුන් ලෙස මේ වසරේ පත්වීම් ලැබූ 1,300 දෙනෙකු අතරින් සිය දෙනෙකුගේ සේවය සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අහිමිවී තිබෙන බව වාර්තා වේ. පත්වීම්ලාභී වෛද්‍යවරු 50 දෙනෙකු පමණ පත්වීම් ලිපි භාර ගැනීමට නොපැමිණි අතර තවත් පනහක් පමණ පත්වීම් ලිපි භාර ගෙන සේවයට වාර්තා කර නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ‘ඉරිදා මව්බිම’ට […]

පසුගිය වසර දෙක තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයට නොදන්වා විශේෂඥ වෛද්‍යවරුන් 150ත් 200ත් අතර සංඛ්‍යාවක් සේවය අතහැර විදේශගත වී තිබෙනවා. ඒ හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට බරපතළ තර්ජනයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ යටතේ වෛද්‍යවරයෙකු බිහි කිරීම සඳහා රජය වසරකට විශාල මුදලක් වැය කරන […]

මහරගම අපේක්ෂා රෝහල හැරුණවිට දිවයිනේ ඇති එකම පිළිකා ළමා වාට්ටුව ඇත්තේ කරාපිටිය පිළිකා රෝහලේය. එහෙත් එම ළමා වාට්ටුව සම්පූර්ණයෙන්ම වසා දමා මේ වනවිට වසර එකහමාරක් ගතව ඇතත් එය විවෘත කිරීමට මේ වනතෙක් පියවර ගෙන නැත. මේ නිසා එම වාට්ටුවෙන් ප්‍රතිකාර ලබන ඈත පළාත්වල දරුවන් විශාල පිරිසකට බලවත් අසාධාරණයක් සිදුව ඇත. […]

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. වෛද්‍යවරුන් රට හැර යාම හරහා මතුවන අභියෝග ජය ගත හැක්කේ කෙසේද? වෛද්‍යවරුන් ප්‍රමුඛ කර ගත් වෘත්තියවේදීන් රට හැර යාම කලින් කලට රටේ අවධානය දිනා ගන්නා ප්‍රමුඛ මාතෘකාවක් බවට පත් වෙයි. බුද්ධි ගලනය හෙවත් උගත් පරපුරක් තම රටේ ශ්‍රම බලකායෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.