වෛද්‍යවරු හිඟයෙන් නැගෙනහිරට අසාධ්‍යයි . . .

නැගෙනහිර පළාත් සභාව මගින් පාලනය වන ප්‍රධාන රෝහල් රැසක විශේෂඥ වෛද්‍යවරුන්ගේ බරපතළ හිඟයක් ඇති බවත් මේ හේතුවෙන් එම රෝහල් කාර්ය මණ්ඩල සහ පළාතේ ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බවත් වාර්තා වේ.

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.බී.එම් කොස්තා සඳහන් කරන්නේ දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලේ දැනට මාස 10කට වැඩි කාලයක් තිස්සේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු නොමැති බවත් ඊට අමතර දෙහිඅත්තකන්ඩිය, පොතුවිල්, මහඔය, කින්නියා, මුතූර් ඇතුළු මූලික රෝහල් සියල්ලේම විශේෂඥ වෛද්‍යවරුන් නොමැති බවත්ය.

ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කළද මෙතෙක් ඊට පිළිතුරක් ලබා දීමට අමාත්‍යංශය සමත් වී නැති බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.බී.එම් කොස්තා වැඩිදුරටත් සඳහන් කරයි.

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලංකාවේ දී එකලස් වෙන ඉලෙක්ට්‍රික් බස් . . .

Tue Dec 5 , 2023
ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම විසින් දේශීය වශයෙන් එකලස් කරනු ලබන ඉලෙක්ට්‍රික් බස් රථ එළඹෙන 2024 වසරේ මාර්තු මාසය වන විට ධාවනය සඳහා එක් කිරීමට සැලසුම් කර තිබේ. මූලික අදියරේ දී බස් රථ 5 ක් මගී ප්‍රවාහනය සඳහා එක් කිරීමට නියමිත බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. දේශීය ශ්‍රමිකයන්ගේ සහභාගීත්වයෙන් සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x