වරාය සේවකයෝ වරාය පිවිසුම වට කරති

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව  වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය  කළ දැවැන්ත විරෝධතාවයක් කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසල ඔරලෝසු කණුව ඉදිරිපිට දී  (23) පැවැත්විණි.මෙම විරෝධතාව සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටි අතර, ඒ හේතුවෙන් කොළඹ පලමු හරස් වීදිය හා එන්.එච්.එම් අබ්දුල් කාදර් මාවත සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණි.’හොරු රකින – බදු ගහන රනිල් රාජපක්ෂ පන්නමු’, ‘කරන්න පුළුවන් එකෙකුට දීලා පව් නොදී පලයල්ලා’, ‘තොපිට  සැප – අපිට බදු – වැඩබිම පාරට’ ආදී පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ යෙදුණහ.මෙම විරෝධතාවය පැවති ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් ද යොදා තිබෙනු දක්නට ලැබුණු අතර පොලීසිය මෙන්ම හමුදා සාමාජිකයන් ද එම ස්ථානයට කැඳවා තිබිණි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඡන්දෙට මුදල් ඉල්ලා මැකෝගෙන් මුදල් ලේකම්ට ලිපියක්

Tue Jan 24 , 2023
පළාත් පාලන මැතිවරණයේ  වියදම් සඳහා  මුදල් ඉල්ලා  මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද හෙටම  ලිපියක් යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා  පැවැසීය.දැනට ලැබී ඇති මුදල්වලින් මැතිවරණයට අදාළ මූලික කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.ප්‍රමාණවත් මුදලක්  නොලැබුණහොත්  මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇතැයි මේ අතර  කොමිසමේ වෙනත්  නිලධාරීහු පිරිසක් පැවසූහ.මැතිවරණයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x