සිරිමාවෝ වාර්තා චිත්‍රපටයට සම්මානයක් . . .

හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ චරිතාපදානය පාදක කරගෙන වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කළ අනෝමා රාජකරුණාට 21 වන ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානයක් හිමිවිය. Our Mother, Grand Mother, Prime Minister Sirimavo නමැති මෙම වාර්තා චිත්‍රපටයට සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වය ම උපයෝගී කරගෙන තිබේ.

1916 වසරේදී උපන් මැතිනියගේ පසුගිය 2016 වන වසරේ යෙදුණු සියවැනි උපන් දින සැමරුම සඳහා මෙම සිනමාපටය නිපදවා තිබේ.

2016 වසරේ සිට වසර 5ක කාලයක් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා අනෝමා රාජකරුණා මහත්මිය වැයකර තිබූ අතර ඒ සඳහා සිරිමා මැතිනිය සමීපව ඇසුරු කළ ඉහළ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් වන නිහාල් ජයවික්‍රම සහ ගුණසිරි පීරිස් යන මහත්වරුන් සහ චන්ද්‍රිකා, සුනේත්‍රා යන දියණියන් සහ විමුක්ති සහ යශෝදරා යන මුනුබුරු මිනිබිරියන්ගේ ද සම්මුඛ සාකච්ඡා ලබා ගෙන තිබේ.

අනෝමා මහත්මිය ඊයේ (ජන. 23) සවස බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අතර එතුමිය පිළිගැනීම සඳහා චිත්‍රපට සංස්ථාවේ නිලධාරීන් පිරිසක්ද කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයට පැමිණ සිටියහ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ටිකට් නැති කෝච්චි මගීන්ට දෙන දඬුවම් අලුත් වෙයි . . .

Thu Jan 26 , 2023
මෙතෙක් කාලයක් දුම්රියේ ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කළ මගීන්ට රුපියල් තුන්දහසක් සහ ගමන් ගාස්තුව මෙන් දෙගුණයක දඩයක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නියම කරනු ලැබුවා. කෙසේ වෙතත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ.ඩී. එස්. ගුණසිංහ පවසන්නේ, ඉදිරියේදී එම වෙනස් කිරීමට කටයුතු කරන බවයි. ඒ අනුව ප්‍රවේශපත්‍රයක් නොමැතිව දුම්රියේ ගමන් ගන්නා මගීන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x