අධිකරණ විනිසුරුවන් ආදායම් බද්දෙන් නිදහස් . . .

ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන දේශීය ආදායම් පනතේ නව සංශෝධන අනුව ආදායම් බදු අය කිරීම අධිකරණ විනිසුරුවරුන්ගෙන් තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇති බව සදහන් ලිපියක් සමාජ ජාලවල හුවමාරු වේ.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් සියළුම කලාප ගණකාධිකාරිවරුන් හා රෙජිස්ට්‍රාර්වරුන් වෙත දැනුම් දී ඇත්තේ අධිකරණ විනිසුරුවන් සඳහා එම බද්ද අය කිරීම සම්බන්ධව අතුරු තහනම් නියෝගයක් ලබාදී ඇති බැවින් අදාල බද්ද අය කිරීම තාවකාලිකව නතර කරන ලෙසයි.

ඊට අදාළව ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරියේදී නිකුත් කරන බව ද ලිපියේ තව දුරටත් දැක්වේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නිදහස් සැමරුමේ වියදම් කපයි . . .

Thu Jan 26 , 2023
නිදහස් උළෙල සැමරීමට අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී හා වියදම් කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම දේශපාලන අධිකාරියේ සේම නිලධාරීන්ගේ ද වගකීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. 75 වන නිදහස් දින උත්සවය සැමරීමට වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් ජනතාවගේ දැවැන්ත විරෝධයක් පවතින බව කී ජනාධිපතිවරයා ඒ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x